දුණු විදීමේ ක්‍රීඩාවේ සමාරම්භක උළෙල දකුණු පළාත් ගරු ක්‍රීඩා අමාත්‍ය මනෝජ් සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ සහභාගිත්වයෙන් මැයි මස 03 වැනි දින පෙ.ව. 9.00 ට මාතර - කොටවිල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වේ.
2019 වසරේ සිට දුණු විදීමේ ක්‍රීඩාව පාසල් මට්ටමින් හා ජාතික මටිටමින්
ජාතික මහා ක්‍රීඩා උළෙලට ඇතුළත් කිරීමට නියමිත අතර දුණු විදීමේ ක්‍රීඩාව නගා
සිටුවීම හා ජනතාව අතර වඩාත් ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙම සමාරම්භක උළෙල සංවිධානය
කරන බව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ක්‍රීඩා අංශය සඳහන් කරයි.
මෙම ක්‍රීඩා උළෙල ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හා දකුණු පළාත් ක්‍රීඩා
අමාත්‍යංශය, මාතර දිස්ත්‍රික් දුණු ශිල්ප සංගමය හා මාතර දිස්ත්‍රික් ලේකම්
කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබයි.
No comments:
Post a Comment