අලුත් අවුරුදු සමයේ තේ අස්වනු හානිය අවම කිරීම
පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් මාතර දී
(ඩබ්. එම්. ටී.
ඉන්දික - මාතර දිස්ත්‍රික්
මාධ්‍ය ඒකකය)
සිංහල හා දෙමළ
අලුත් අවුරුදු සමයේ තේ වගා කරන ප්‍රදේශවල පවතින යහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්
ලබාගත හැකි අමු තේ දළු නිෂ්පාදිතය සෑම වසරකම එම කාල සීමාවේ දී ඉහළ අගයක් ගනී.
එහෙත් උත්සව
සමය හේතුවෙන් දීර්ග කාලයක් තේ කම්හල් වසා තැබීම නිසා රටට අහිමිවන තේ ආදායම රුපියල්
මිලියන 2000 ට අධික බව තේ කොමසාරිස් ජයන්ත අමරසිංහ මහතා පැවසී ය.
එම තත්ත්වය අවම
කිරීම සඳහා පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකා තේ මණ්ඩලය දැනුම්වත් කිරීමේ වැඩසටහන්
හා පූර්ව ක්‍රියාමාර්ග ගැනීම සිදු කර ඇත.
තේ වගා කරන ප්‍රදේශ
ආශ්‍රිතව 2018 වර්ෂයේ ද දැනුම්වත් කිරීම් මාලාවක් සංවිධානය කර ඇති අතර එහි දී
ගාල්ල හා මාතර දිස්ත්‍රික් නියෝජනය කරන තේ කම්හල් හිමියන් දැනුම්වත් කිරීමේ
වැඩසටහනක් තේ කොමසාරිස් ජයන්ත එදිරිසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර,
පඹුරණ සනායා මෙන්ෂන් උත්සව ශාලාවේ දී පැවැත්විණී.
තේ කර්මාන්තයේ
ඉදිරි පැවැත්ම උදෙසා ඍජුව බලපාන අස්වනු හානිය අවම කිරීම පිළිබඳව විශේෂයෙන්
දැනුම්වත් කරන ලදි.
එපමණක් නොව
සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් තේ කර්මාන්ත ශාලා වසා තැබෙන කාලසීමාව අප්‍රේල්
11 සිට අප්‍රේල් 17 දක්වා සීමා කිරීමට එකඟතාවට පත් විය. ඒ පිළිබඳව ඉදිරියේ දී
තේ කම්හල් කාර්ය මණ්ඩලය සහ තේ ගොවීන් දැනුම්වත් කිරීමට නියමිත ය.
මෙහි දී 2017 වර්ෂයේ දකුණු පළාතේ තේ කම්හල් ආශ්‍රිතව
සිදු කළ කාර්යයන් වල ප්‍රගති සමාලෝචනය ගාල්ල දිස්ත්‍රික්කයේ සහකාර තේ
කොමසාරිස් වයි.ජී. ඉන්ද්‍රජිත් මහතා විසින්
ද, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නියාමන සහ සංවර්ධන කාර්යයන්වල ප්‍රගතිය නියෝජ්‍ය
තේ කොමසාරිස් මහේෂ් ජයවර්ධන මහතා විසින් ද, ලෝක තේ ප්රවණතා පිළිබඳව සී අයි
සී ආයතනයේ සාමාන්‍යාධිකාරී සුපුන් තලාගොඩ මහතා විසින් ද, තේ වගාවේ පසේ ඵලදායිතාව වැඩි කිරීම සඳහා බයෝ - චා භාවිතය
පිළිබඳව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අනුරුද්ධ
කරුණාරත්න මහතා විසින් ද, උත්සව සමයේ අස්වනු හානිය අවම කිරීම පිළිබඳව මාතර
සහකාර තේ කොමසාරිස් එම්.කේ. සමරවීර මහතා විසින්
ද, වර්තමාන තේ වෙළඳපොළේ සිලෝන් තේ වල ගුණාත්මය සම්බන්ධ ගැටළු පිළිබඳව ශ්‍රී
ලංකා තේ මණ්ඩලයේ ආචාර්ය නිෂාන්ත ජයසිංහ මහතා විසින් ද, ශ්‍රී ලංකාවේ තේ
කර්මාන්තයේ වර්තමාන තත්ත්වය සහ අභියෝග හමුවේ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග
පිළිබඳව තේ කොමසාරිස් ජයන්ත එදිරිසිංහ මහතා විසින් ද දැනුම්වත් කරන ලදි.
මේ අවස්ථාවට
දකුණු පළාතේ තේ කර්මාන්තශාල හිමියන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
No comments:
Post a Comment