Thursday, April 5, 2018

2018 - රුහුණු ව්‍යවසාය අලෙවි පොළ හා ප්‍රදර්ශනය 09,10 හා 11 දිනවල මාතර දී


2018 - රුහුණු ව්‍යවසාය අලෙවි පොළ හා ප්‍රදර්ශනය 09,10 හා 11 දිනවල මාතර දී

(ඉන්දික විජේසිරි - මාතර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය)


සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ මාතර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන  2018 - රුහුණු ව්‍යවසාය අ‍ලෙවි පොළ හා ප්‍රදර්ශනය මෙවරත් ඉතා උත්කර්ෂවත් අන්දමින් අප්‍රේල් මස 09, 10 හා 11 දින වල දී මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

මාතර දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන මෙඅලෙවි පොළ හා ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කරති. රෙදිපිළි, ගෘහ උපකරණ, මල් හා පළතුරු පැළ, අත්කම් නිර්මාණ, ගෘහ අලංකරණ සැරසිලි, ආහාරපාන, රස කැවිලි, පාවහන්, මැටි ආශ්‍රිත නිෂ්පාදන ඇතුළු නිෂ්පාදන රැසක් එකම ස්ථානයක දී මිල දී ගැනීමට පාරිභෝගිකයින්ට මෙහි දී අවස්ථාව උදාවන බව මාතර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂ පී.කේ. පතිරණ මහතා පවසයි.



No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...