Wednesday, April 4, 2018

මාතර - තරුණ සේවා සභාවෙන් රුපියල් මිලියන 20 ක් වැය කරමින් රුපියල් මිලියන 50 ක වටිනාකමින් යුත් ව්‍යාපෘති 139 ක වැඩ අවසන් කෙරේ



මාතර - තරුණ සේවා සභාවෙන් රුපියල් මිලියන 20 ක් වැය කරමින් රුපියල් මිලියන 50 ක වටිනාකමින් යුත් ව්‍යාපෘති 139 ක වැඩ අවසන් කෙරේ


(ඩබ්. එම්. ටී. ඉන්දික - මාතර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය)


මාතර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ගේ ආධ්‍යාත්මික හා භෞතික සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති 139 ක් සඳහා ජාතික තරුණ සේවා සභාවේ මාතර දිස්ත්‍රික් කාර්යාලයට එක් ව්‍යාපෘතියක් සඳහා රුපියල් 150,000 බැගින් අදාළ ව්‍යාපෘති සඳහා රුපියල් 20,850,000 ක මුදලක් රජයේ ප්‍රතිපාදන වශයෙන් ලැබී තිබූ අතර එම මුදල් වැය කරමින් රුපියල් මිලියන 50 ට ආසන්න වටිනාක් සහිත අදාළ ව්‍යාපෘති ක්‍රියාවට නංවා අවසන් කළ බව ජාතික තරුණ සේවා සභාවේ මාතර දිස්ත්‍රික් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ටී.එල්.එල්.ඒ. ජයසේකර මහතා පැවසී ය.

ඒ මහතා මේ අදහස් පළ කළේ ජාතික තරුණ සේවා සභාව මගින් මාතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන ලද විවිධ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව මාතර දිස්ත්‍රික්කයේ ජනමාධ්‍යවේදීන් දැනුම්වත් කිරීම සඳහා පසුගියදා මාතර ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනි.

ග්‍රාමීය තරණ ප්‍රජාව විසින් හඳුනාගත් ඔවුන් විසින් ම ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘති අතර ග්‍රාමීය කෘෂි ව්‍යාපෘති, ග්‍රාමීය පාලම් බෝක්කු, ප්‍රජා ශාලා, පෙරපාසල් හා තරුණ මධ්‍යස්ථාන ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රැසක් පවතින බවත් ඒවායින් ඇතැම් ව්‍යාපෘති වැය කරන ලද මුදල මෙන් තුන් ගුණයක වටිනාකමින් යුක්ත වන බවත්  ඒ මහතා වැඩි දුරටත් පැවසී ය.

මෙහි දී ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මටිටමින් තරුණ සේවා නිලධාරීන් සිදුකරන ලද කාර්යභාරය පිළිබඳව ද ප්‍රගතිය ඉදිරිපත් කරන ලදි.
 
ජාතික තරුණසේවා සභාවේ මාතර දිස්ත්‍රික් කාර්යාලය මගින් දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් වෙනුවෙන් පවත්වනු ලබන විවිධ පුහුණු පාඨමාලා පිළිබඳව ද දැනුම්වත් කෙරිණි.

මේ අවස්ථාවට තරුණ සේවා නිලධාරීන් හා මාතර දිස්ත්‍රික්කයේ තරුණ නායකයින් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.


No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...