Monday, April 30, 2018

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය වෙසක් මහා තොරණ (අන්ධභූත ජාතකය) අප්‍රේල් 30 දා සිට මැයි 05 දක්වා මාතර කොටුව ක්‍රීඩාංගණයේ දී


ශ්‍රී ලාංකේය ජනතාවගේ බෞද්ධ ප්‍රබෝධය ඇති කරනු වස් මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ සංකල්පයක් අනුව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සුභ සාධක සංගමය දෙවන වරටත් ප්‍රදර්ශනය කරනු ලබන වෙසක් මහා තොරණ (අන්ධභූත ජාතකය) අප්‍රේල් මස 30 වැනිදා සිට මැයි මස 05 වැනිදා දක්වා මාතර කොටුව මහින්ද විජේසේකර ක්‍රීඩාංගණයේ දී ප්‍රදර්ශනය කෙරේ.

තොරණේ සමාරම්භය ඊයේ (30) දින රාත්‍රී 7.00 ට සිදු විය. රූප රාමු 15 න් හා උස අඩි 45 කින් හා පළල අඩි 45 කින් සමන්විත තොරණ සඳහා විදුලි බුබුළු 18000 භාවිතා කර ඇත.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කේන්ද්‍ර කර ගනිමින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සුභසාධක සංගමය මගින් මහා බත් දන්සලක් හා ඊට සමගාමීව මාතර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් අයිස්ක්‍රීම් දන්සලක් ද සංවිධානය කර තිබුණි.

අන්ධභූත ජාතකය ඇසුරින් නිර්මාණය කරන ලද මෙම වෙසක් මහා තොරණේ සිතුවම් නිර්මාණය සැම්සන් අත්තුඩාව විසින් සිදු කරන ලද අතර එහි විදුලි රූ රටා නිර්මාණය කේ.ඩී. දමිත් මධුචානක විසින් සිදු කෙරේ.

සිතුවම් ප්‍රකාර ගුවන් විදුලි නාට්‍යයේ හඬ රැඟුම කරුණාරත්න අමරසිංහ, කමල් දේශප්‍රිය, නිලූකා රේඛානි, කමල් සුදර්ශන ගමගේ, රත්නා ලාලනී ජයකොඩි, සිතාරා පවිත්‍රානි, ඉනෝකා බොතේජු, බුද්ධික රෝෂාන් ඇතුළු ශිල්පීන් මේ සඳහා දායක වෙති. නාට්‍ය රචනය හා නිෂ්පාදනය බුද්ධික රොෂාන්ගෙනි.

Friday, April 27, 2018

දුණු විදීමේ ක්‍රීඩාවේ සමාරම්භක උළෙල මැයි 03 වැනිදා මාතර - කොටවිල දී


දුණු විදීමේ ක්‍රීඩාවේ සමාරම්භක උළෙල දකුණු පළාත් ගරු ක්‍රීඩා අමාත්‍ය මනෝජ් සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ සහභාගිත්වයෙන් මැයි මස 03 වැනි දින පෙ.ව. 9.00 ට මාතර - කොටවිල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වේ.

2019 වසරේ සිට දුණු විදීමේ ක්‍රීඩාව පාසල් මට්ටමින් හා ජාතික මටිටමින් ජාතික මහා ක්‍රීඩා උළෙලට ඇතුළත් කිරීමට නියමිත අතර දුණු විදීමේ ක්‍රීඩාව නගා සිටුවීම හා ජනතාව අතර වඩාත් ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙම සමාරම්භක උළෙල සංවිධානය කරන බව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ක්‍රීඩා අංශය සඳහන්  කරයි.

මේ අවස්ථාවට දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍යංශයේ ලේක්ම් වර්නන් පෙරේරා මහතා, දකුණු පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂක බන්දුල අබේසේකර මහතා හා මාතර දිස්ත්‍රික් දුණු විදීමේ ශිල්ප සංගමයේ ගරු සභාපති ඉංජිනේරු ඩී.කේ. නානායක්කාර මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගි වීමට නියමිත ය.

මෙම ක්‍රීඩා උළෙල ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හා දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍යංශය, මාතර දිස්ත්‍රික් දුණු ශිල්ප සංගමය හා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබයි.

Thursday, April 26, 2018

Matara Vesak maha Thorana will be on display from April 30 to May 05 at the Matara Fort, at the Mahinda Wijesekara Grounds.

According to a concept of Matara District Secretary Pradeep Rathnayake, the welfare society of the 
Matara District Secretariat will be the second consecutive Vesak Maha thorana, which will be
displayed for the second time, from April 30 to May 05, at the Mahinda Wijesekera Sports Ground in 
Matara. Will be exhibited.

The inaugural day will be organized by the District Secretariat Welfare Society centered on the 
Matara District Secretariat, and the ice dancing will also be organized by the Matara District Small 
Business Development Division.

The Vesak Maha Thorana was created by the Samson Aththudawe Lighting By 
K.D. Damith Madhuchanka.

Kamal Deshapriya, Kamala Deshapriya, Kamal Sudharshana Gamage, Rathna Lalani Jayakody, 
Sithara Pavithani, Inoka Boteju and Buddhika Roshan are the contributors to the radio show. 
Drama writing and production by Buddhika Roshan

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය වෙසක් මහා තොරණ (අන්ධභූත ජාතකය) අප්‍රේල් 30 දා සිට මාතර කොටුව ක්‍රීඩාංගණයේ දී

ශ්‍රී ලාංකේය ජනතාවගේ බෞද්ධ ප්‍රබෝධය ඇති කරනු වස් මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ සංකල්පයක් අනුව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සුභ සාධක සංගමය දෙවන වරටත් ප්‍රදර්ශනය කරනු ලබන වෙසක් මහා තොරණ (අන්ධභූත ජාතකය) අප්‍රේල් මස 30 වැනිදා සිට මැයි මස 05 වැනිදා දක්වා මාතර කොටුව මහින්ද විජේසේකර ක්‍රීඩාංගණයේ දී ප්‍රදර්ශනය කෙරේ.

තොරණේ සමාරම්භක දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කේන්ද්‍ර කර ගනිමින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සුභසාධක සංගමය මගින් මහා බත් දන්සලක් ද ඊට සමගාමීව මාතර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් අයිස්ක්‍රීම් දන්සලක් ද සංවිධානය කිරීමට නියමිත ය.

අන්ධභූත ජාතකය ඇසුරින් නිර්මාණය කරන ලද මෙම වෙසක් මහා තොරණේ සිතුවම් නිර්මාණය සැම්සන් අත්තුඩාව විසින් සිදු කරන ලද අතර එහි විදුලි රූ රටා නිර්මාණය කේ.ඩී. දමිත් මධුචානක විසින් සිදු කෙරේ.

සිතුවම් ප්‍රකාර ගුවන් විදුලි නාට්‍යයේ හඬ රැඟුම කරුණාරත්න අමරසිංහ, කමල් දේශප්‍රිය, නිලූකා රේඛානි, කමල් සුදර්ශන ගමගේ, රත්නා ලාලනී ජයකොඩි, සිතාරා පවිත්‍රානි, ඉනෝකා බොතේජු, බුද්ධික රෝෂාන් ඇතුළු ශිල්පීන් මේ සඳහා දායක වෙති. නාට්‍ය රචනය හා නිෂ්පාදනය බුද්ධික රොෂාන්ගෙනි.

Wednesday, April 25, 2018

The Youth Summit of the National Youth Front will be held in Morawaka on 28th April under the patronage of the Prime Minister

Hon. Prime Minister Ranil Wickremesinghe and the Minister of Project Management, 
Youth Affairs and Skills Development, Mr. Sagala Ratnayake and other Ministers and 
MPs of the National Youth Council will take part on April 28 at Keerthi Abeywickrama
National School Ground, Morawaka.
 
On this day, a popular musical performance will also be performed.

The event is jointly organized by the Ministry of Project Management, Youth Affairs and 
Southern Development, the National Youth Services Council and the Sri Lanka Youth Society's 
Symposium.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...