Saturday, February 29, 2020

මාතර ජනමාධ්‍යවේදීන් සඳහා වූ මාධ්‍ය මධ්‍යස්ථානය විවෘත කිරීම හෙට (01) පෙ.ව.11.00 ට මාතර බස් නැවතුම්පොළ ඉහළ මහළේ දී


අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රට හදන සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට සමගාමීව ජනමාධ්‍යවේදීන් සඳහා පහසුකම් සැපයීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරනු ලබන වැඩපිළිවෙලට අනුව ජනමාධ්‍යවේදීන් සඳහා වූ පළමු මාධ්‍ය මධ්‍යස්ථානය (press club) මාතර දිස්ත්‍රික්කයේ ජනමාධ්‍යවේදීන් සඳහා විවෘත කිරීම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ගරු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ සුරතින් හෙට (01) පෙ.ව. 11.00 ට මාතර ප්‍රධාන බස් නැවතුම්පොළේ ඉහළ මහළේ දී සිදු කෙරේ.

මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන සියලු ම ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් විවෘත කෙරෙන මෙම මාධ්‍ය මධ්‍යස්ථානය දුරකථන පහසුකම්, ෆැක්ස් පහසුකම් හා අන්තර්ජාල පහසුකම් ඇතුළු ජනමාධ්‍යවේදීන් සඳහා අවශ්‍ය පහසුකම් රැසකින් සමන්විත වේ.

මේ අවස්ථාවට ප්‍රදේශයේ ජනතා නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් සහ මාතර දිස්ත්‍රික්කයේ ජනමාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිත ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා ලේක්හවුස් ආයතනය ඒකාබද්ධව මෙය යථාර්ථයක් බවට පත් කරන ලදි.

Friday, February 28, 2020

අඩු ආදායම් ලාභීන් සඳහා රැකියා 100,000 ලබා දීමේ වැඩසටහනට මාතරින් අයදුම්පත්‍ර 61475 ක්


අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රට හදන සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට සමගාමීව ක්‍රියාත්මක කරනු ලබන ඔබට රටක් - රටට හෙටක්’’ තේමාව යටතේ බහුකාර්ය සංවර්ධන කාර්ය සාධන බලකාය මගින් අඩු ආදායම්ලාභීන් සඳහා රැකියා ලක්ෂයක් ලබාදීමේ දීප ව්‍යාප්ත වැඩසටහනට අදාළව මාතර දිස්ත්‍රික්කයේ අඩුආදායම් ලාභීන් 61475 දෙනෙකු සඳහා අයදුම්පත්‍ර නිකුත්කර ඇති බව මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා සඳහන් කරයි.

නිකුත් කරන ලද අයදුම්පත් වලින් 39745 ක් නිවැරදිව සම්පූර්ණකර ආපසු බාර දී තිබේ. ඒ අතරින් 33869 දෙනෙකු සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම් කර තිබේ. සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම් කරන ලද අයදුම්කරුවන් අතරින් 14882 ක් දෙනා මේ වන විට සම්මුඛ පරීක්ෂණ සඳහා ඉදිරිපත් වී අවසන් බව ද දිස්ත්‍රික් ලේකම් වරයා වැඩිදුරටත් පැවසී ය.

මාතර දිස්ත්‍රිකයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස දහසයෙහි ම සම්මුඛ පරික්ෂණ පසුගිය විසිහය (26) වන දින ආරම්භ කෙරිණි.

බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සදහා බඳවා ගැනීමේ මෙම සම්මු‍ඛ පරීක්ෂණ හෙට (29) දින දක්වා  අදාළ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල පැවැත්වේ.

Sunday, February 23, 2020

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට බරවකුඹුක දක්වා කොටස ජනපති සුරතින් ජනතා අයිතියට


ශ්‍රී ලංකාවේ දිගම අධිවේගී මාර්ගය වන දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තොට වරාය, මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපොළ හා වාණිජ අගනුවර වන කොළඹ සම්බන්ධ කෙරෙන අවසන් අදියර වන මාතර - පාලටුව සිට බරවකුඹුක මාර්ග දිගුව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍ර‍ධානත්වයෙන් ඊයේ (23) දින ජනතා අයිතියට පත් කෙරිණි.

මෙම අධිවේගී මාර්ග කොටසේ මුළු දිග ප්‍රමාණය කිලෝමීටර 96 කි. මෙහි ඉදිකිරීම් කොටස් හතරකින් සිදු කොට තිබේ. කිලෝමීටර් 96 තුළ අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 08 ක් ක්‍රියාත්මක වෙයි. එම අන්තර් හුවමාරු මධ්‍යස්ථන නම්, ගොඩගම- නාගොඩ, අපරැක්ක, බෙලි අත්ත, කසාගල, අගුණකොළපැලැස්ස, වැටිය, සූරියවැව, අන්දරවැව යන අන්තර් හුවමාරු මධ්‍යස්ථාන වෙයි.

මේ අවස්ථාවට ජොන්ස්ටන් ප්‍රනාන්දු, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ඩලස් අලහප්පෙරුම, රොහාන් රත්වත්තේ, නාමල් රාජපක්ෂ, කංචන විජේසේකර සහ නිරෝෂන් ප්‍රේමරත්න හා දකුණු පළාත් ආණ්ඩුකාරතුමන් ප්‍රමුඛ මැති ඇමතිවරුන් ඇතුළු මහජන නියෝජිතයන් රැසක් සහ රාජ්‍ය නිලධාරීන්, චීන නියෝජිතයින්, ප්‍රදේශවාසී ජනතාව සහභාගි වී සිටියහ.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...