මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාවට නංවන ලද ‘නිල් ගං
තෙර සොඳුරු සුයාමය‘ රසවින්දනාත්මක
වැඩසටහන් මාලාවේ තුන්වන දිගහැරුම වෙසක්
බැති ගී සරණිය 2019 වෙසක් පුන් පොහෝ දිනයට
සමගාමීව මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ.වැල්ලහේවා මහතාගේ හා මාතර අතිරේක
දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) නිශාන් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම්
කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගායේ දී පැවැත්විණි.
ඒකාකාරී ජීවන රටාවකට
හුරුවී සිටින රාජ්‍ය නිලධාරියා රාජකාරි සීමාවෙන් ඔබ්බට ගෙන ගොස් චිත්ත සන්තානය
සුඛී සුවපත් භාවයට පත් කිරීම අරමුණු කර ගනිමින් මෙම රසවින්දනාත්මක වැඩසටහන් මාලාව සංවිධානය
කරන ලදි.
නවක උපාධිධාරී අභ්‍යාසලාභීන් ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය රාජ්‍ය නිලධාරීන් මෙහි ඉදිරිපත්
කිරීම් සිදු කළහ.
‘නිල් ගං තෙර සොඳුරු
සුයාමය‘ සඳහා මාතර දිස්ත්‍රික්
ලේකම් කාර්යාලීය නිලධාරීන් දායක වූ අතර සංගීත විශාරද නුරාන් ලියනගේ මහතා සංගීතයෙන්
ද, ඵලදායිතා ප්‍රවර්ධන නිලධාරී සංගීත විශාරද නිශාන්ත පෙරේරා මහතා කථනයෙන් ද දායක
වුහ.
මාතර සහකාර දිස්ත්‍රික්
ලේකම් නදී ජයවික්‍රම මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් 300 ට අධික පිරිසක් මේ
අවස්ථාවට සහභාගි වී සිටියහ.
මාතර දිස්ත්‍රික් ලේකම්
කාර්යාලය නිල් ගං තෙර සොඳුරු සුයාමය සංවිධානය කරන ලදි.
No comments:
Post a Comment