2018 / 2019 මහ කන්නයේ වී අස්වනු මිල දී ගැනීමේ රජයේ වැඩපිළිවෙල යටතේ
රුපියල් මිලියන 7.4 ක් වැය කරමින් මාතර දිස්ත්‍රික්කයේ ගොවීන් 114 දෙනෙකුගෙන්
වී කිලෝ 196400 ක් මේ වන විට මිල දී ගෙන ඇති බව වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශිය
කළමනාකරු සුනිල් ඕබඩආරච්චි මහතා සඳහන් කරයි.
නාඩු වී කිලෝවක් රුපියල් 38 ක් සහ සම්බා වී කිලෝවක් රුපියල් 41 ක් වශයෙන් වී
මිල දී ගැනීම සිදු කරන ලදි. ඒ එක් ගොවි මහතෙකුගෙන් වී කිලෝ 2000 ක උපරිමයකට
යටත්වයි. ගොවීන් සඳහා සියලු ගෙවීම් සිදුකරන ලද්දේ මාතර දිස්ත්‍රික් ලේකම්
කාර්යාලය මගිනි.
වී මෙට්‍රික් ටොන් 500 ක් මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 30 ක මූල්‍ය ප්‍රතිපාදන මාතර
දිස්ත්‍රික්කය සඳහා වෙන්කර තිබේ. එයින් රුපියල් මිලියන 10 නැවත පැවරීමෙන් පසු තවත්
රුපියල් මිලියන 12.3 ක් වී මිල දී ගැනීම සඳහා ඉතිරිව ඇත.
රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම හේතුවෙන් වී සඳහා ස්ථාවර මිලක්
ගොවීන්ට ලබා ගැනීමට හැකි වූ බවත් මෙම වැඩසටහන අඛණ්ඩව පවත්වා ගැනීමට කටයුතු
කිරීම ගොවීන්ට මහත් සහනයක් බවත් මේ පිළිබඳව අදහස් දැක් වූ මාතර දිස්ත්‍රික් ගොවි
සංවිධාන බල මණ්ඩලයේ සභාපති කරුණාදාස පල්ලියගේ මහතා සඳහන් කළේ ය.
No comments:
Post a Comment