අභිමානවත් 47 වන ශ්‍රී ලංකා ජනරජ දිනයට සමගාමීව
මාතර දිස්ත්‍රික් ජනරජ දින සැමරුම මාතර අතිරේක දිසත්‍රික් ලේකම් කසුන් එස්.කේ.වැල්ලහේවා
මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණි.
1948 පෙබරවාරි 04 දින සිට ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය
ආධිපත්‍යයෙන් මිදුන ද තවදුරටත් බ්‍රිතාන්‍ය රජුගේ කිරීටය යටතේ ඩොමීනියන් තත්ත්වයේ නිදහසක්
පමණක් හිමිව තිබුණි. ඒහෙත් 1972 ජනරජ ව්‍යවස්ථාවත් සමඟ ශ්‍රී ලංකාව ජනතාවට වග කියන
සම්පූර්ණයෙන් ස්වෛරී සහ නිදහස් රාජ්‍යයක් බවට පත්විය. එය ප්‍රකාශයට පත් කරන ලද්දේ
1972 මැයි මස 22 වැනිදා මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේ දී ය.
මෙහි දී 1972 ජනරජ ව්‍යවස්ථා කෙටුම්පත ජාතික
රාජ්‍ය සභාව විසින් සකස් කිරීම, මේ සම්බන්ධයෙන් මූලිකත්වය ගත් නායකයන්ගේ දායකත්වය ඇගයීම,
ජනරජ ව්‍යවස්ථාවත් සමඟ ම ශ්‍රී ලාංකිකයන් බ්‍රිතාන්‍ය පාලනයෙන් සම්පූර්ණයෙන් මිදුනු,
ස්වෛරී නිදහස් ජාතියක් බවට පත්වීම, ජනතාවට වගකියන ජනරජයක් බවට පත්වීම හා අප රටට ගැලපෙන
පරිපාලනමය හා ආර්ථිකමය වෙනස්කම් සිදු කිරීමට බලතල ලැබීම ආදිය පිළිබඳව මාතර අතිරේක දිසත්‍රික්
ලේකම් කසුන් එස්.කේ.වැල්ලහේවා මහතා විසින් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය කාර්යමණ්ඩලය
දැනුවත් කරන ලදි.
මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
මාණ්ඩලික නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගි වී සිටියහ.
No comments:
Post a Comment