කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ වැවිලි සවියෙන් - සසුනට එළියක් වැඩසටහන යටතේ මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්වල ආගමික සිද්ධස්ථාන 92 ක් සඳහා රුපියල් මිලියන 19.30 ක මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර තිබේ.
මේ තොරතුරු අනාවරණය වූයේ ආගමික සිද්ධස්ථාන
වලට ස්ථිර ආදායම් මාර්ගයක් ඇතිකර දීමේ අරමුණ සහිතව ක්‍රියාත්මක කිරීමට යෝජිත වැවිලි
සවියෙන් - සසුනට එළියක් වැඩසටහනේ සමාරම්භක උත්සවය වැවිලි කර්මාන්ත ගරු අමාත්‍ය අධිනීතිඥ
නවීන් දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා මාතර වෙරළ පාරේ Grand Navro හෝටලයේ දී පැවැති
අවස්ථාවේ දී ය.
වැවිලි කර්මාන්ත ගරු අමාත්‍ය තුමාගේ සංකල්පයක්
අනුව ක්‍රියාත්මක කිරීමට නියමිත වැවිලි සවියෙන් - සසුනට එළියක් වැඩසටහන යටතේ තේ වගා
සහනාධාර ප්‍රතිපාදන ලබා දීම මගින් ආගමික සිද්ධස්ථාන ආශ්රිත ඉඩම්වල තේ වගා කිරීම සිදු
කිරීමට නියමිත ය.
බෞද්ධ විහාරස්ථාන 90 ක් සඳහා රුපියල් 18,859,867.50
ක මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති අතර එයින් රුපියල් 4,380,178.74 ක මුදලක් මෙදින ප්රදානය
කරන ලදි. කතෝලික දේවස්ථාන එකක් සඳහා රුපියල් 172,152.50 ක මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර
ඇති අතර එයින් රුපියල් 33,860.00 ක මුදලක් මෙදින ප්රදානය කරන ලදි. හින්දු කෝවිල් එකක්
සඳහා රුපියල් 273,172.50 ක මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති අතර එයින් රුපියල් 60,705.00
ක මුදලක් මෙදින ප්රදානය කරන ලදි. ඒ අනුව ආගමික සිද්ධස්ථාන 92 ක් සඳහා රුපියල්
19,305,192.50 ක මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති අතර එයින් රුපියල් 4,474,743.74 ක මුදලක්
මෙදින ප්රදානය කරන ලදි. ඉඩම්වල සංවර්ධන කටයුතු සිදු කරන ආකාරය අනුව ඉතිරි මුදල් වාරික
වශයෙන් ලබා දීමට නියමිත ය.
මාතර හා හමිබන්තොට දිස්ත්‍රික්කවල අධීක්ෂණ
කටයුතු කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ මාතර ප්‍රාදෙශිය කාර්යාලයේ ප්‍රාදේශිය කළමනාකරු
ආචාර්ය ජී.ජී.බන්දුල මහතා සහ කුඩා තේ රබර් වතු පුනර්ජීවන ව්‍යාපෘතියේ දිස්ත්‍රික් ව්‍යාපෘති
කළමනාකරු එම්.ඩබ්.දීපාල් නිශාන්ත මහතා සිදු කරති.
මෙහි දී මාතර දිස්ත්‍රික්කයේ තේ වගා කිරීමට
අපේක්ෂිත විහාරස්ථාන වල ගෞරවණීය නායක ස්වාමීන් වහන්සේලා ඇතුළුව මහා සංඝරත්නය සියක්
නමක් පෙරහැරකින් උත්සව භූමිය වෙත වැඩම කරවීම ද සිදු කෙරිණි.
මෙම උත්සව අවස්ථාවට ශ්‍යාමෝපාලි වංශික මහා
නිකායේ ශ්‍රී රෝහණ සංඝ සභාවේ අධිකරණ සංඝ නායක අධ්‍යාපන අමාත්‍යංශයේ ජනාධිපති උපදේශක
ඕමාරේ කස්සප නාහිමිපාණන් සහ කොත්මලේ ප්‍රධාන අධිකරණ සංඝ නායක මඩකුඹුරේ ලංකානන්ද නාහිමිපාණන්
ඇතුළු ගෞරවණීය ස්වාමීන් වහන්සේලා, ප්‍රදේශයේ දේශපාලන නායකත්වය, කුඩා තේ වතු සංවර්ධන
අධිකාරියේ සභාපති විජේරත්න දේවගෙදර මහතා ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් හා තේ වගාකරුවන්
ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
අන්තර් ආගමික සහජීවනය වඩාත් ශක්තිමත් කිරීම
අරමුණුකර ගනිමින් සියලු ආගමික නායකයින් ඒකරාශී කරගෙන මෙම වැඩසටහන ඉදිරියේ දී දිවයින
පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත ය.
No comments:
Post a Comment