මාතර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන රාජ්‍ය
නොවන සංවිධාන හා ස්වේච්ඡා සිවිල් සංවිධාන එකමුතුවෙන් පිහිටුවන ලද මාතර දිස්ත්‍රික්
සිවිල් සංවිධාන සම්මේලනය මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්
මැයි මස 10 වැනිදා පෙ.ව. 9.30 ට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ
දී පැවැත්වේ.
මෙහි දී ක්ෂුද්‍ර මූල්‍යකරණය පිළිබඳව විශේෂ
දැනුවත් කිරීමක් සිදු කිරීමට නියමිත අතර ඊට අමතරව 2019 වර්ෂයේ ඉදිරිවැඩසටහන් සැලස්ම
පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිත ය.
මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන
රාජ්‍ය නොවන සංවිධානවල හා ස්වේච්ඡා සිවිල් සංවිධානවල නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගි
වීමට නියමිත ය.
No comments:
Post a Comment