එහි දී මහා නගර සහ
බස්නාහිර සංවර්ධන ගරු අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා මෙසේ අදහස් දැක්වී ය.
ඉතිහාසයේ
සිට ම රුහුණෙන්, විශේෂයෙන් මාතරින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ලැබුණු දායකත්වය
ඉතා ඉහළයි. මාතර දැනුමින් සුවිශේෂයි.
ශ්‍රී
ලංකාවේ ආයු අපේක්ෂාව ඇමරිකාවේ ආයු අපේක්ෂාවට සමානයි. අපේ උගත්කම, සාක්ෂරතාව දකුණු
ආසියානු කලාපයේ ඉහළ ම සාක්ෂරතාවයි. මානව සංවර්ධන දර්ශකයේ ලොව පළමු පෙළේ රටවල් අතර
අප සිටියි. පරිසරය තුළ ගෝලීය උණුසුම ඉහළ යාමට බලපාන කාබන්ඩයොක්සයිඩ් විමෝචනය අපේ
ඉතාම අවමයි. අපේ බහුතර ප්‍රාථමික බල ශක්තිය පුනර්ජනනීය බල ශක්තියයි. එසේම අපේ
නවෝත්පාදන හැකියාව ඉතාම ඉහළයි. රටවල් 126 ක් අතුරින් අප සිටින්නේ 88 වැනි
ස්ථානයේයි.
අප අපගේ
සාපේක්ෂ වාසි හා නිරපේක්ෂ වාසි හඳුනාගත යුතුයි. අපේ නිරපේක්ෂ වාසි අතර මිනිරන්,
ටයිටේනියම් වැනි දෑ ප්‍රධාන තැනක් ගනී. එමෙන්ම කුරුඳු සම්බන්ධ සුවිශේෂී ශක්තිය
ලංකාවට ම පමණයි. අපේ සාපේක්ෂ වාසි අතර භූගෝලීය පිහිටිම හා උගත් ජනගහණය ඉතාම වැදලත්
වේ. අප මේවායින් වාසි ලබාගත යුතුයි.
ශ්‍රී
ලංකාව ලෝකයේ බලගතු රටක් වීමට නම් අප දියුණු විය යුතුයි. 70 දශකයේ සිටම අපේ රටේ
තිබෙන්නේ බඩවල් වලට කතා කරන දේශපාලනයකි. අප ඉන් මිදිය යුතුයි. තාක්ෂණය හා
නවෝත්පාදන ඉදිරියට ගනිමින් ඒවා රටේ සංවර්ධන ක්‍රියාවලියට දායක කරගත යුතුයි.
2050 වන
විට ශ්‍රී ලංකාවේ නාගරික සංවර්ධන කොරිඩෝර හතරක් නිර්මාණය කිරීමට සැලසුම් කර තිබේ.
ඒ අතරින් දකුණු කොරිඩෝවේ ප්‍රධාන නගරයක් වන මාතර නගරය කේන්ද්‍ර කර ගනිමින් ලක්ෂ
හතරක ජනගහණයක් ජීවත් වෙතැයි අපේක්ෂා කෙරේ. නිල්වලා ගංගා නිම්නයේ පිහිටා ඇති මාතර
පිහිටා තිබෙන්නේ නරක ස්ථානයක නොවේ. එහි දී නිල්වලා ගඟ නිසි අයුරින් කළමනාකරණය කරගත
යුතුයි. මාතර, වැලිගම හා දෙවිනුවර මහ නගර වශයෙන් හඳුනාගෙන ඇත. 2030 වන විට මාතර
නගරය ආශ්රිත මහා මාතර ප්‍රදේශයට මාතර දිස්ත්‍රික්කයේ ජනගහනයෙන් 50% ක් සංකේන්ද්‍රණය
වේ යැයි අපේක්ෂිතයි.
මාතර
දිස්ත්‍රික්කයේ ප්‍රධාන ව්‍යාපෘති 09 ක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. කොටවිල නව
නගර සංවර්ධන ව්‍යාපෘතිය, නිල්වලා ගඟබඩ උද්‍යානය සංවර්ධනය, වැලිගම නගර සංවර්ධනය,
දෙවිනුවර නගර සංවර්ධනය, හක්මණ නගර සංවර්ධනය, අකුරැස්ස නගර සංවර්ධනය, ඌරුබොක්ක නගර
සංවර්ධනය, කඹුරුපිටිය නගර සංවර්ධනය හා දෙණියාය නගර සංවර්ධනය ඒ අතර වේ. මේ වෙනුවෙන්
රුපියල් මිලියන 1700 ක් දැනට ඇස්තමේන්තුගත කර තිබේ.
මෙහි දී
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් කිරීම සිදු කරන ලද්දේ කොළඹ වරාය නගර
සංවර්ධන ව්‍යාපෘතියේ මූලෝපාය හා ව්‍යාපාර සංවර්ධනය පිළිබඳ ප්‍රධානී තුල්සි
අලුවිහාරේ මහතා විසිනි. නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ආචාර්ය ජගත් මුණසිංහ මහතා
විසින් ශ්‍රී ලංකාවේ නාගරික සංවර්ධනය හා ඉදිරි මග පිළිබඳව කරුණු දක්වන ලදි.
කර්මාන්ත හා වානිජ කටයුතු
ගරු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මැතිතුමා ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නායකත්වය,
මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, විද්වතුන්,
වෘත්තිකයින් හා ජනමාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
No comments:
Post a Comment