Tuesday, February 5, 2019

අභිමානවත් 71 වන ජාතික නිදහස් දින සමරු උත්සවය - මාතර දිස්ත්‍රික්කය


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 71 වන අභිමානවත් ජාතික නිදහස් දින සමරු උළෙලට සමගාමීව පවත්වන ලද මාතර දිස්ත්‍රික් උත්සවය කර්මාන්ත හා වානිජ කටයුතු ගරු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මැතිතුමාගේ හා මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

මාතර දිස්ත්‍රික්කයේ පාසල් 16 ක් නියෝජනය කරමින් පාසල් සිසු සිසුවියන් දහසකට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වන ලද ආචාර පෙළපාලිය ප්‍රධාන ආරාධිත අමුත්තන් විසින් පිළිගැනීම මාතර වෙරළ උද්‍යානයේ දී සිදු කෙරිණි. අනතුරුව ප්‍රධාන ආරධිත අමුත්තන් රණ විරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වූහ.


මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණය වෙත ප්‍රධාන ආරාධිත අමුත්තන් කැඳවාගෙන ඒමෙන් පසු ජාතික කොඩිය ඔසවා ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව ජයමංගල ගාථා හා ආශිර්වාද ගාථා සජ්ඣායනය කරන ලදි. අතීතයේ සිට රට වෙනුවෙන් දිවි පිදූ සියලු රණවිරුවන් සිහි කරනු වස් විනාඩි දෙකක නිශ්ශබ්දතාව පළකිරීමෙන් පසු මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා විසින් පිළිගැනීමේ කතාව පවත්වන ලදි. ප්‍රධාන ආරාධිත දේශනය පවත්වන ලද්දේ කර්මාන්ත හා වානිජ කටයුතු ගරු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මැතිතුමා විසිනි.


මාතර සාරිපුත්‍ර විද්‍යාලය, මාතර සාන්ත තෝමස් විද්‍යාලය, මාතර මහා විද්‍යාලය, මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය හා මාතර මැද්දවත්ත රෝහණ මහා විද්‍යාලය දේශාභිමානී නර්තනයන් ඉදිරිපත් කළහ. පාසල් තූර්ය වාදක කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන ලද තූර්ය වාදක සංදර්ශනයෙන් පසු 71 වන අභිමානවත් නිදහස් දින උළෙලේ මාතර දිස්ත්‍රික් උත්සවය නිමාවට පත් විය.


මාතර දිස්ත්‍රික් නිදහස් දින උළෙල වර්ණවත් කිරීම සඳහා ත්‍රිවිධ හමුදා නිලධාරීන් හා පොලිස් නිලධාරීන් එන්ව සිටියහ.


ගෞරවණීය ස්වාමීන් වහන්සේලා ඇතුළු වෙනත් ආගම් නියෝජනය කරන පූජක තුමාන්ලා, මාතර පුරපති රංජිත් යසරත්න මහතා ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නායකත්වය, මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් තුමන්ලා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් හා පොලිස් ප්‍රධානීන්, විදුහල්පතිවරු, ගුරුභවතුන්, පාසල් සිසුන් හා ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.


මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ පූර්ණ මැදිහත්වීමෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් දිස්ත්‍රික්කයේ අනෙකුත් රාජ්‍ය ආයතනවල සහයෝගයෙන් උත්සවය සංවිධානය කරන ලදි.
















No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...