Wednesday, February 13, 2019

වැලිගම - පොල්අතු ගඟ දෙපස පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් හෙට (15 වැනිදා)



වැලිගම නගරය හා අවට ප්‍රදේශ වලට පානීය ජලය ලබා ගන්නා ජල මූලාශ්‍රය වන පොල්අතු ගඟ අපද්‍රව්‍ය දැමීම හා විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අපවිත්‍ර වෙමින් පවතී. එම නිසා ගඟ දෙපස පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් හෙට (15) පෙ.ව. 9.00 ට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජලය ලබා ගන්නා කනංකේ පොම්පාගාරය අසලින් ආරම්භ වේ. 

පොල්අතු ගඟ ආරක්‍ෂා කරගැනීමේ අරමුණින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වැලිගම - හල්ලල ජල ආරක්‍ෂණ සැලසුම් කමිටු ඒකකය මඟින් අනෙකුත් ආයතන වල සහභාගීත්වයෙන් මෙම ශ්‍රමදානය සංවිධානය කර තිබේ.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...