කුඩා තේවතු අංශය නියෝජනය
කරන තරුණ තරුණියන්ගේ ක්‍රීඩා කුසළතාව පිළිබඳ සැඟවුණු දක්ෂතා එළිදැක්වීමත් තරුණ
තරුණියන්හට තේ කර්මාන්තය පිළිබඳව ආකර්ෂණයක් ඇති කර එම කර්මාන්තය සඳහා ඔවුන්ව
යොමුකරවීමත් අරමුණු කර ගනිමින් වැවිලි කර්මාන්ත ගරු අමාත්‍ය අධි නීතිඥ නවීන්
දිසානායක මැතිතුමාගේ සංකල්පයකට අනුව කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ගරු සභාපති
දේශබන්ධු දේවගෙදර මහතාගේ මෙහෙයවීමෙන් කුඩා තේ වතු හිමියන් හා ඔවුන්ගේ දූ දරුවන්
සඳහා ප්‍රාදේශීය, දිස්ත්‍රික් හා ජාතික මට්ටමින් ත්රීඩා තරඟමාලාවක් පැවැත්වීමට
කටයුතු සංවිධානය කර ඇති අතර ඊට සමගාමී මාතර දිස්ත්‍රික් ක්‍රීඩා උළෙල පෙබරවාරි 15
වැනිදා පෙ.ව.9.00 ට මාතර - කොටවිල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ දී ආරම්භ කෙරේ.
එහි සමාප්ති උත්සවය එදින
ප.ව.2.00 ට වැවිලි කර්මාන්ත ගරු අමාත්‍ය අධි නීතිඥ නවීන් දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්,
මාතර දිස්ත්‍රික් මැති ඇමතිවරුන්ගේ හා රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.
මෙම අවස්ථාවන් සඳහා මාතර
දිස්ත්‍රික්කයේ කුඩා තේ වතු හිමියන්, ඔවුන්ගේ දූ දරුවන්, ප්‍රදේශයේ දේශපාලන
නායකත්වය හා රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිත ය.
No comments:
Post a Comment