සේනා දළඹු උවදුර පසුගිය
මාසයේ රටේ ප්‍රධාන මාතෘකාවක් වූ අතර සේනා දළඹුවන් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය
ලේකම් කොට්ඨාස 11 කින් සුළු වශයෙන් වාර්තා විය. එහෙත් මේ වන විට මාතර දිස්ත්‍රික්කයෙන්
සේනා දළඹුවන් වාර්තා නොවේ. මාතර දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 0.76 ක් වැනි වගාවන් ප්‍රමාණයකින්
පමණක් සේනා දළඹුවන් දක්නට ලැබුණු අතර මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක
මහතාගේ උපදෙස් පරිදි සියලුම ප්‍රාදේශිය ලේකම්වරු ප්රමුඛ කෘෂි කර්මාන්තයට සම්බන්ධ
රාජ්‍ය නිලධාරීන්ගේ දැඩි කැපවීමක ප්‍රතිඵලයක් වශයෙන් සේනා දළඹුවන් ව්‍යාප්තිය
පාලනය කිරීමට හැකි වී ඇත.
මේ තොරතුරු අනාවරණය වූයේ
මාතර දිස්ත්‍රික්කයේ කෘෂි කර්මාන්තයේ ප්රගමනය වෙනුවෙන් විවිධ තීන්දු තීරණ ගන්නා
මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම කම්ටු රැස්වීම මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක
මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) දින මාතර දිස්ත්‍රික්
ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගරයේ දී පැවැති අවස්ථාවේ දී ය.
සේනා දළඹු උවදුර පාලනයට
කැප වී ක්‍රියා කළ ප්‍රාදේශිය ලේකම් කාර්යාල, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික්
කෘෂිකර්ම අංශය, පළාත් කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාලය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව,
ජනමාධ්‍ය ඇතුළු සියලුම අංශ වලට දිස්ත්‍රික් ලේකම් වරයා මෙහි දී ස්තුතිය පළ කරන
ලදි.
පසුගිය කෘෂිකර්ම කමිටු
රැස්වීමේ දී ගන්නා ලද තීන්දු තීරණ ක්‍රියාත්මක වීම පිළිබඳ ප්‍රගතිය,
කෘෂිකර්මාන්තයට සම්බන්ධ ආයතනවල මාසික ප්‍රගතිය, ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුවලින්
පැන නගින ගැටළු පිළිබඳව, දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව වෙත එවන ලද ලිපි පිළිබඳව,
පසුගිය කන්නයේ හා ඉදිරි කන්නයේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳව සාකච්ඡා කෙරිණි.
මේ අවස්ථාව සඳහා මාතර
අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ.වැල්ලහේවා මහතා, අතිරේක දිස්ත්‍රික් ලෙක්ම
(ඉඩම්) නිශාන් පතිරණ මහතා, දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
නියෝජනය කරමින් ප්‍රාදේශීය ලේකම් වරුන්, ඇතුළු කෘෂිකර්මාන්තයට සම්බන්ධ රාජ්‍ය
නිලධාරීන්, පුද්ගලික අංශය සහ ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගි වී
සිටියහ.
මාතර දිස්ත්‍රික්
කෘෂිකර්ම අධ්යක්ෂ අයි.ආර්.එන්.අබේදීර මහත්මිය ප්රමුඛ දිස්ත්‍රික් කෘෂිකර්ම අංශය
රැස්වීම සංවිධානය කරන ලදි.
No comments:
Post a Comment