Monday, February 25, 2019

මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම මාර්තු 01 වැනිදා


2019 වර්ෂයේ ප්‍රථම මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කම්ටු රැස්වීම කමිටුවේ සම සභාපතිවරුන් වන දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජය ලාල් ද සිල්වා මැතිතුමාගේ සහ කර්මාන්ත හා වාණිජ කටයුතු ගරු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මාර්තු 01 වැනිදා පෙ. ව. 9.30 මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගරයේ දී පැවැත්වේ.

මෙහි දී දිස්ත්‍රික් සංවර්ධන කමිටු අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති ගැටලු සහ යෝජනා, මාතර දිස්ත්‍රික් රාජ්‍ය ආයතනයන්හි සංවර්ධන ප්‍රගතිය හා 2019 වර්ෂයේ සංවර්ධන සැලැස්ම, විමධ්‍යගත වැඩසටහන, දිවිනැගුම ජාතික වැඩසටහන, මාතර - කතරගම දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය, පාලම් ව්‍යාපෘතිය, නගර සංවර්ධනය, වෙරළ උද්‍යානය සංවර්ධනය, දිස්ත්‍රික්කයේ ආරක්ෂක තත්ත්වය, කෘෂිකර්ම / ඉඩම් / වාරිමාර්ග / සත්ත්ව පාලන කටයුතු, මාර්ග සංවර්ධන කටයුතු, සෞඛ්‍ය සේවා, අධ්‍යාපන සංවර්ධන කටයුතු, පුර නැගුම ව්‍යාපෘතිය, මධ්‍යම පරිසර අධිකාරිය මගින් ක්‍රියාත්මක සංවර්ධන කටයුතු, නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන නිවාස සංවර්ධන ව්‍යාපෘති, දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණ කටයුතු, පළාත් පාළන කටයුතු, ප්‍රවාහන කටයුතු, ධීවර සංවර්ධන ව්‍යාපෘති, ජල සම්පාදන, විදුලිය සංවර්ධන කටයුතු, කර්මාන්ත සංවර්ධනය, තැපැල් / විදුලි සන්දේශ, ජාතික තරුණ සේවා සභාවේ හා වෘත්තීය පුහුණු අධිකාරියේ ක්‍රියාත්මක තත්ත්වයන් ආදිය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත ය. 

මේ අවස්ථාව සඳහා දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්, දකුණු පළාත් සභාවේ මැති ඇමතිවරුන්, ප්‍රාදේශීය සභා නියෝජිතයින් ඇතුළු දේශපාලන නායකත්වය සහ මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිත ය.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ක්‍රමසම්පාදන අංශය රැස්වීම සංවිධානය කරයි.

Friday, February 22, 2019

දක්ෂිණ අධිවේගී මාර්ගය අසළ වසර 20 කට පසුව කුරුළු තුඩ වගා කෙරේ


නිල්වලා යෝජනා ක්‍රමය යටතේ ඇති කිරළ කැලේ පරිසර පද්ධතිය ආශ්‍රිතව කුඹුරු අකුකර දහස් ඝණනක් පුරන් වී ඇති අතර ඒ අතරින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ නිල්වලා පිවිසුම අසළ ගොඩගම - කඩෙද්දුව පාරේ පුරන් වී තිබූ කුඹුරු අක්කරයක වසර 20 ට පසුව 2018/2019 මහ කන්නයේ ‘කුරුළු තුඩ’ පාරම්පරික දේශීය වී ප්‍රභේදය වගා කිරීමට ආනන්ද වික්‍රම ගල්හේන වෙද මහතා සමත්ව තිබේ.

තම දේශිය වී වගාව පිළිබඳව අදහස් දක්වමින් ආනන්ද වික්‍රම ගල්හේන වෙද මහතා මෙසේ පැවසී ය.

මේ වී වගාව සඳහා කිසිම රසායනික පොහොරක් හෝ කෘමි නාශකයක් භාවිතා කළේ නැහැ. අරිෂ්ඨ, ආසව, ගුලි, කල්ක, පත්තු හා තෙල් වර්ග ඇතුළු ආයුර්වේද බෙහෙත් වර්ග නිෂ්පාදනය කර ඉතිරිවන ද්‍රව්‍ය, දහයිය අළු හා කුකුල් පොහොර පම්ණයි, වගාවට යොදා ගත්තෙ. කෘමීන් පළවා හැරීම සඳහා කොහොඹ ඇට, කොහොඹ කොළ හා අරලිය මල් කොටා මිරිකාගත් සාරය තමයි යෙදුවෙ. අවුරුදු 20 ට පස්සේ මේ යායෙ මහජනතාවගේ හිතසුව පිණිස පාරම්පරික කුරුළු තුඩ වී වර්ගය වගා කළේ එහෙමයි. වසර ගණනාවක් තිස්සේ පුරන් වී තිබූ මේ කුඹුරේ නියමිත පරිදි ජල බස්නාවක් හෝ නොමැතිව ඉතා සාර්ථකව කුරුළු තුඩ වලා කළා.


මේ කුරුළු තුඩ වී වර්ගය අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට සහ රුවන්වැලි මහා සෑයට කිරිපිඬු පූජා කරන පාරම්පරික පූජනීය වී වර්ගයක්. කුරුළු තුඩ සහල් වලින් බත් අනුභව කිරීමෙන් ශරීරයේ පිළිකා කාරක සෛල විනාශ කරයි. ශරීරයේ සීනි ප්‍රතිශතය පාලනය කරයි. ඇස් පෙනීමට හිත කරයි. මුත්‍ර රෝග සමනය සඳහා යොදා ගෙන ඇති අතර ශරීර ශක්තිය වර්ධනය කරයි. මෙම සහල්වල නිවුඩ්ඩ කාටිලේජවල ඇති කැල්සියම් අයින්වීම වලක්වයි. එමෙන්ම මෙය ආහාරයට ගත් කල රුධිර සංසරණය සමග එකතුවී ඇට මිදුළුවලට ගොස් තැන්පත් කරවීම එදා සිංහල වෙදකමේ දී කර ඇත. ඇට මිදුළුවල ඇති ප්‍රතිශක්ති ජනක උත්පාදන හැකියාවන් වර්ධනය කරයි. මෙය සාමාන්‍ය ආකාරයට ආහාරයට ගැනීමෙන් මෙහි ඇති තන්තුමය ස්වභාවය සමග නිවුඩ්ඩේ ඇති වර්ණකවල ශක්තිය වැටකොළු, පතෝල, වට්ටක්කා පොත්ත වැනි එළවලුවල වර්ණක සමග එකතු වී අහාර මාර්ගයේ දිරවීම පහසු කරන එන්සයිම වර්ධනය උත්පාදනය කරවයි. යකඩ සහිත අහාරවල යකඩ අවශෝෂණය කර රුධිරයේ ඇති හිමොග්ලොබින් උත්පාදනය කිරීමට අවශ්‍ය මුල්‍යමය ආධාරය ඇට මිදුළුවලට සපයයි. එබැවින් ස්වභාවික කහ වර්ණ හා තන්තුමය ස්වභාවය අධික එළවලු වර්ග හා යකඩ අධික පලා වර්ග සමග ආහාරයට ගැනීම ඉතා යහපති. කැඳ වර්ගවල දී කුරුළු තුඩ භාවිතය රෝග නිවාරණයට උපකාරී වේ.


නියර වගාව වශයෙන් බණ්ඩක්කා, මාළුමිරිස්, මිරිස්, මෑ කරල් හා තක්කාලි වැනි භෝග වර්ග ද වගා කර තිබේ. ඒවා වගා කර තිබෙන්නේ ද රසායනික පොහොර හෝ කෘමි නාශක භාවිතයකින් තොරවයි. 

නියමිත පරිදි දිය බස්නාවල් හා ඇළ මාර්ග සකස් කර දෙන්නේ නම් ඉතා සාර්ථකව දේශීය වී වර්ග මෙම කුඹුරුවල වගා කළ හැකි බව වෙද මහතා තවදුරටත් පැවසී ය.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...