Monday, June 25, 2018

වැඩිහිටියා හා රාජ්‍ය සේවය පිළිබඳව මාතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරීන් දැනුම්වත් කෙරේ


වැඩිහිටියා හා රාජ්‍ය සේවය යන මැයෙන් මාතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ.වැල්ලහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

එහි දී රජයෙන් වැඩිහිටියාට සිදුවිය යුතු සේවාව පිළිබඳව කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශිය ලේකම් චින්තක අබේවික්‍රම මහතා විසින් ද, වැඩිහිටි භාවය පිළිබඳව ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නෙළුම් වීරසිංහ මහත්මිය විසින් ද, වැඩිහිටියාට සිදුවන අසාධාරණකම් පිළිබඳව නීති අධාර කොමිෂන් සභාවේ, නීතිඥ රාධිකා වීරතුංග මහත්මිය විසින් ද ග්‍රාම නිලධාරීන් දැනුම්වත් කරන ලදි.

මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 16 හි ග්‍රාම සේවා වසම් 350 ක් නියෝජනය කරමින් ග්‍රාම නිලධාරීන් හා වැඩිහිටියන් සම්බන්ධව කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ මාතර දිස්ත්‍රික් කාර්යාලයේ වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන සහකාර එස්.ආර්.ජී.චමිලා උදයංගනී මහත්මිය විසින් වැඩසටහන සංවිධානය කරන ලදි.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...