ඒ අනුව වෛද්‍යවරුන්, මහජන සෞඛ්‍ය
පරීක්ෂකවරුන් හා දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරින්
මාතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 17 තුළ පිහිටි
සියලුම පාසල් වලට ගොස් ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගය පිළිබඳවත් එයට ප්‍රතිකාර
ලබා දීම, රෝගය
වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් දේශන පවත්වනු ලබන
අතර එම වැඩපිළිවෙල මේ වන විට කටයුතු යොදා ඇතැයි මාතර දිස්ත්‍රික්
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දීපිකා පටබැදිගේ මහත්මිය රජයේ
නිල පුවත් වෙබ් අඩවිය වන news.lk අමතමින් පැවසුවාය.
මෙම ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගය දැන් පාලනය කොට ඇත. ඒ බව මාතර
දිස්ත්‍රික්කයේ මාතර, කඹුරුපිටිය
සහ දෙනියාය රෝහල් වලට පැමිණෙන උණ රෝගින් සංඛ්‍යාව විශාල ලෙස අඩුවීමේන්
පැහැදිලි වන බව ද නියෝජ්‍ය අධ්‍යක්ෂකවරිය සඳහන් කළාය.
ඉන්ෆ්ලුවෙන්සා උණ වැළඳුන රෝගින් ව ප්‍රතිකාර කිරීම සඳහා දිස්ත්‍රික්කයේ සෑම රජයේ රෝහලකට ම අවශ්‍ය තරම් ඖෂධ,වෛද්‍යවරුන් ,හෙදියන්,ඇතුළු කාර්ය මණ්ඩල සිටින අතර සෞඛ්‍ය අමාත්‍යංශය මගින් විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් ද එවා තිබේ. එමෙන්ම ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගය පිළිබඳව දැනුම් දෙමින් මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය විසින් දිස්ත්‍රික්කයේ සියළුම රෝහල් වෛද්‍ය නිලධාරින් ,ක්ෂේත්‍ර නිලධාරින් හා පෞද්ගලික රෝහල් වෙත චක්‍ර ලේඛන දෙකක් යවනු ලැබීය.
එහෙත් මාතර ප්‍රසිද්ධ පාසල් කිහිපයක සිසු සිසුවියන් කිහිප දෙනෙකු මෙම රෝගයෙන් මිය ගිය බවට පසුගිය දිනවල පැතිර තිබුණ ප්‍රචාරය නිසා බොහෝ දෙනා මහත් සේ කලබල විය. මේ පිළිබඳව අප කළ සොයා බැලීම් වලින් මාතර කිසිදු පාසලක සිසුවෙකු හෝ සිසුවියක මෙම ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගයෙන් මිය ගොස් නැති බව හෙළි වු බවද වෛද්‍ය පටබැඳිගේ මහත්මිය තවදුරටත් ප්‍රකාශ කළාය.
ඇතැම් පුද්ගලයින් හෝ කණ්ඩායම් විසින් මෙම රෝගය පිළිබඳව
ජනතාව බිය ගැන්වීමට සිදු කරන වැරදි ප්රචාරයන්ට
මුළා නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද නියෝජ්‍ය
අධ්‍යක්ෂිකාව සඳහන් කළාය.
මාතර මූලික රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය එම්.ඩබ්ලිව්.එම්.කේ මැදිවක මහත්මිය මාතර රෝහලෙන් පසුගිය මැයි මාසයේදී ඉන්ෆ්ලුවෙන්සා රෝගින් 1275ක් නේවාසිකව හා බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා තිබෙන බව ද එහෙත් ජූනි මාසයේ මේ වන විට පැමිණ ඇත්තේ එම රෝගින් 50ක් පමණක් බවත් ඒ නිසා මේ පිළිබඳව කිසිදු බියක් ඇති කර ගත යුතු නැතැයි කීවා ය.
No comments:
Post a Comment