මෑත යුගයේ සෑම වසරකම ජුනි
මාසයේ මැද භාගය වන විට ඩෙංගු අවදානම වැඩිවන අතර එම අවදානමට සූදානම් වීම සඳහා මාතර
දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ උපදෙස් පරිදි රාජ්‍ය නිලධාරීන් 300 ට
අධික පිරිසක් සේවය කරන මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ ඩෙංගු මදුරුවන්
බෝවිය හැකි ස්ථාන හඳුනාගෙන එම ස්ථාන සුද්ධපවිත්‍ර කිරීම සඳහා වූ ශ්‍රමදානයක් ඊයේ
(04) දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණි.
දිස්ත්‍රික් ලේකම්
කාර්යාල පරිශ්‍රයේ කුණු රොඩු එක්රැස්වන ස්ථාන, වැහි පීලි, දියබස්නා කාණු පද්ධතිය
ඇතුළු මදුරුවන් බෝවිය හැකි ස්ථාන පිරිසිදු කිරීම මෙහි දී සිදු කරන ලදි.
මාතර අතිරේක දිස්ත්‍රික්
ලේකම් කසුන් එස්.කේ. වැල්ලහේවා මහතා, මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) පතිරණ
මහතා, මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් නදී ජයවික්‍රම මෙනෙවිය ප්‍රමුඛ දිස්ත්‍රික්
ලේකම් කාර්යාලීය කාර්ය මණ්ඩලය මෙම ශ්‍රමදානය සඳහා එක් වී සිටියහ.
මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරිසර අංශය ප්‍රමුඛව ශ්‍රමදානය සංවිධානය කරන ලදි.
No comments:
Post a Comment