Wednesday, June 20, 2018

මාතර අභිනව දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ අයි.ආර්.එන්. අබේදීර මහත්මිය වැඩබාර ගනී


මාතර අභිනව දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ වශෙයන් අයි.ආර්.එන්. අබේදීර මහත්මිය වැඩ බාරගැනීම පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදු විය.

මාතර දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් හැකි උපරිම ආකාරයෙන් ඇපකැප වන බව නව කෘෂිකර්ම අධ්‍යක්ෂ තුමිය පැවසුවා ය.

1994 මැයි මාසයේ සිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම විද්‍යාලවල කථිකාචාර්ය වරියක් වශයෙන් සේවයට බැඳී ඇති අබේදීර මහත්මිය පැල්වැහැර කෘෂිකර්ම විද්‍යාලය, ගාල්ල - ලබුදූව කෘෂිකර්ම විද්‍යාලය, හා අඟුණුකොළපැලැස්ස කෘෂිකර්ම විද්‍යාලය යන කෘෂිකර්ම විද්‍යාලවල සේවය කර ඇත. 2017 වර්ෂයේ මැයි මාසයේ සිට අඟුණුකොළපැලැස්ස කෘෂිකර්ම විද්‍යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ/විදුහල්පති වශයෙන් සේවයකර තිබේ.

රුහුණ විශ්ව විද්‍යාලයේ මාපලාන කෘෂිකර්ම පීඨයෙන් කෘෂිකර්ම විද්‍යාවේදී විශේෂ (ගෞරව) උපාධිය හිමිකර ගෙන ඇති ඇය රුහුණ විශ්ව විද්‍යාලයේ ම භෝග ආරක්ෂණය පිළිබඳ සමාජීය විද්‍යාපති උපාධිධාරිණියකි.

මාර/දොඩම්පහළ කනිෂ්ඨ විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හදාරා ඇති අබේදීර මහත්මිය මාර/දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරා විශ්ව විද්‍යාල වරම් හිමිකර ගෙන ඇත.
  

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...