Tuesday, June 19, 2018

මාතර රාහුල විද්‍යාලයේ නව වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සහන් ලක්ෂිත විජේගුණසේකර සිසුවාගේ ‘විසකුරු සත්ව ලොව‘ ග්‍රන්ථය දොරට වඩී


මාතර රාහුල විද්‍යාලයේ නව වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සහන් ලක්ෂිත විජේගුණසේකර සිසුවා විසින් ශ්‍රී ලංකාවේ විසකුරු සත්ත්ව වශේෂ පිළිබඳව අධ්‍යයනය කරමින් රචනා කරන ලද ‘විසකුරු සත්ව ලොව‘ ග්‍රන්ථය දොරට වැඩීම පසුගියදා සිදු විය.

තාක්ෂණික ලෝකයක සැරිසරන වර්තමාන පාසල් ශිෂ්‍ය ප්‍රජාව තුළ ලිවීම හා කියවීම දුරස්ව යමින් පවත්නා අවධියක, සර්පයන් පිළිබඳ පොතපත පරිශීලනය කිරීමෙන්, සර්පයින් පිළිබඳව දැනුමැති විද්වතුන් සමඟ සාකච්ඡා කිරීමෙන් හා සර්පයින් පිළිබඳව නිරීක්ෂණය කිරීමෙන් ලබාගත් දැනුම උපයෝගීකර ගනිමින් වයස අවුරුදු 14 ක තරම් ළාබාල වියේදී ම මෙවැනි පුළුල් විෂය ක්ෂේත්‍රයක් පිළිබඳව අවධානය යොමුකර මෙවන් ග්‍රන්ථයක් රචනා කිරීම ඉතාම කාලෝචිත හා අගය කළ යුතු ක්‍රියාවක් බව මේ පිළිබඳව අදහස් දැක් වූ මාතර රාහුල විද්‍යාලයේ විදුහල්පති ප්‍රැන්සිස් වෙලේගේ මහතා පැවසී ය.

සී/ස ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ (ප්‍රද්.) සමාගමේ ප්‍රකාශනයක් ලෙස එළි දුටු මෙම ග්‍රන්ථය සියලු දෙනාගේම එදිනෙදා ජීවිතයට ප්‍රයෝජනවත් කෘතියකි.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...