Friday, June 29, 2018
ජනමාධ්‍ය වේදීන් සඳහා මාධ්‍ය උපකරණ මිල දී ගැනීම සඳහා පොලී රහිතව රුපියල් ලක්ෂ තුනක ණය මුදලක්
Monday, June 25, 2018
වැඩිහිටියා හා රාජ්‍ය සේවය පිළිබඳව මාතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරීන් දැනුම්වත් කෙරේ
වැඩිහිටියා හා රාජ්‍ය සේවය යන මැයෙන් මාතර දිස්ත්‍රික්කයේ
ග්‍රාම නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන්
එස්.කේ.වැල්ලහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම්
කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
එහි දී රජයෙන් වැඩිහිටියාට සිදුවිය යුතු සේවාව පිළිබඳව
කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශිය ලේකම් චින්තක අබේවික්‍රම මහතා විසින් ද,
වැඩිහිටි භාවය පිළිබඳව ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නෙළුම් වීරසිංහ මහත්මිය විසින් ද,
වැඩිහිටියාට සිදුවන අසාධාරණකම් පිළිබඳව නීති අධාර කොමිෂන් සභාවේ, නීතිඥ රාධිකා
වීරතුංග මහත්මිය විසින් ද ග්‍රාම නිලධාරීන් දැනුම්වත් කරන ලදි.
මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 16 හි ග්‍රාම
සේවා වසම් 350 ක් නියෝජනය කරමින් ග්‍රාම නිලධාරීන් හා වැඩිහිටියන් සම්බන්ධව කටයුතු
කරන රාජ්‍ය නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.
වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ මාතර දිස්ත්‍රික් කාර්යාලයේ
වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන සහකාර එස්.ආර්.ජී.චමිලා උදයංගනී මහත්මිය විසින්
වැඩසටහන සංවිධානය කරන ලදි.
Sunday, June 24, 2018
ප්‍රායෝගික යෝග පුහුණු වැඩමුළුවක් මාතර දී
මාතර දිස්ත්‍රික්
ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ මගපෙන්වීම යටතේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා
හම්බන්තොට - ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද හතරවන ජාත්‍යන්තර
යෝග දිනයට සමගාමීව සංවිධානය කරන ලද ප්‍රායෝගික යෝග පුහුණු වැඩමුළුවක් මාතර අතිරේක
දිස්ත්‍රික් ලේකම් එන්.කේ.ආර්. පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම්
කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
ඒකාකාරී ජීවන රටාවකට හුරු වී සිටින රාජ්‍ය නිලධාරියාගේ
ශාරීරික හා මානසික සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද මෙම ප්‍රායෝගික
යෝග පුහුණු වැඩමුළුවේ දී රාජකාරි කරන අතරතුර තම ආසනයේ හිඳගෙන සිටිමින් ම ඉතා සරලව
සිදු කළ හැකි ප්‍රායෝගික යෝග අභ්‍යාස කිහිපයක් කෙරෙහි වැඩි අවධානය යොමු කරමින් යෝග
අභ්‍යාස පුහුණු කෙරිණි.
හම්බන්තොට - ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්
හා ඉන්දියානු යෝග උපදේශිකා රුද්‍රා මහත්මිය ඇතුළු කණ්ඩායම විසින් මෙම පුහුණු
වැඩසටහන මෙහෙයවන ලදි.
මේ අවස්ථාවට මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් නදී ජයවික්‍රම
මෙනෙවිය ඇතුළු මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි
වී සිටියහ.
Wednesday, June 20, 2018
මාතර අභිනව දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ අයි.ආර්.එන්. අබේදීර මහත්මිය වැඩබාර ගනී
මාතර අභිනව දිස්ත්‍රික්
කෘෂිකර්ම අධ්‍යක්ෂ වශෙයන් අයි.ආර්.එන්. අබේදීර මහත්මිය වැඩ බාරගැනීම පසුගියදා මාතර
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදු විය.
මාතර දිස්ත්‍රික්කයේ
කෘෂිකර්ම ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් හැකි උපරිම ආකාරයෙන් ඇපකැප වන බව නව
කෘෂිකර්ම අධ්‍යක්ෂ තුමිය පැවසුවා ය.
1994 මැයි
මාසයේ සිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම විද්‍යාලවල කථිකාචාර්ය වරියක් වශයෙන්
සේවයට බැඳී ඇති අබේදීර මහත්මිය පැල්වැහැර කෘෂිකර්ම විද්‍යාලය, ගාල්ල - ලබුදූව
කෘෂිකර්ම විද්‍යාලය, හා අඟුණුකොළපැලැස්ස කෘෂිකර්ම විද්‍යාලය යන කෘෂිකර්ම විද්‍යාලවල
සේවය කර ඇත. 2017 වර්ෂයේ මැයි මාසයේ සිට අඟුණුකොළපැලැස්ස කෘෂිකර්ම විද්‍යාලයේ
නියෝජ්‍ය අධ්‍යක්ෂ/විදුහල්පති වශයෙන් සේවයකර තිබේ.
රුහුණ විශ්ව
විද්‍යාලයේ මාපලාන කෘෂිකර්ම පීඨයෙන් කෘෂිකර්ම විද්‍යාවේදී විශේෂ (ගෞරව) උපාධිය
හිමිකර ගෙන ඇති ඇය රුහුණ විශ්ව විද්‍යාලයේ ම භෝග ආරක්ෂණය පිළිබඳ සමාජීය විද්‍යාපති
උපාධිධාරිණියකි.
මාර/දොඩම්පහළ
කනිෂ්ඨ විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හදාරා ඇති අබේදීර මහත්මිය මාර/දික්වැල්ල
විජිත මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරා විශ්ව විද්‍යාල වරම්
හිමිකර ගෙන ඇත.
Subscribe to:
Posts (Atom)
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති
මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...
-
මාතර දිස්ත්‍රික් ලේකම්/දිසාපති ප්‍රදීප් රත්නායක මාතර දිස්ත්‍රික්කයේ මහජනතාව වෙනුවෙන් මෙන්ම රටේ ම මහජනතාව වෙනුවෙන් කොන්දේසි විරහිතව අ...
-
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කරන ‘මතින් නිදහස් රටක්’ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට සමගාම...
-
2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ජෛව පද්ධති තාක්ෂණය විෂය ධාරාව යටතේ ඉදිරිපත් වී දිවයිනේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට මාතර දිස...