Friday, July 19, 2019

“මාතරින් රටට ම ආදර්ශයක්” සහජීවනය සඳහා වූ නිහඬ පාගමන අති සාර්ථකව


අප්‍රේල් 21 සිදු වූ අවාසනාවන්ත සිදුවීම කේන්ද්‍රකර ගනිමින් ජාතීන් අතර හා ආගම් අතර පැවති හොඳ හිත පළුදු වී සැකය හා අවිනිශ්චිත භාවය ඇතිවීමේ අවදානම තුරන් කිරීම අරමුණු කර ගනිමින් “මාතරින් රටට ම ආදර්ශයක්” යන මැයෙන් සහජීවනය සඳහා වූ නිහඬ පාගමනක් පසුගියදා මාතර දී පැවැත්විණි.
 
මාතර කඩවත් සතර ප්‍රාදේශිය මහලේකම් කාර්යාලයේ සිට මාතර බස් නැවතුම් පොළ හරහා මාතර බෝධීන් වහන්සේ දක්වා ගමන් කොට මෙම නිහඬ පාගමන අවසන් කරන ලදි.

මෙහි දී ජාතීන් අතර හා ආගම් අතර සුහදතාව, සහජීවනය හා සමගිය පිළිබඳව කියවෙන බැනර් ඇතුළු ප්‍රචාරක පුවරු ප්‍රදර්ශනය කරමින් මෙම පා ගමන පැවැත්විණි.

මාතර දිස්ත්‍රික්කයේ බහු ජනවාර්ගික ග්‍රාම නිලධාරී කොට්ඨාස 15 ක ජනතාව දැනුවත් කිරීමෙන් අනතුරුව බෞද්ධ, හින්දු, කතෝලික හා ඉස්ලාම් ආදී සියලු ආගම් නියෝජනය කරමින් ආගමික නායකයින් හා සියලු ජාතීන් නියෝජනය කරමින් ජනතාව මෙම නිහඬ පා ගමන සඳහා එක් වී සිටියහ.

ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති හා හින්දු ආගමික කටයුතු අමාත්‍යංශය, මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා මාතර කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඒකාබද්ධව සර්ව ආගමික නායකයින්ගේ මූලිකත්වයෙන් මෙම පාගමන සංවිධානය කරන ලද බව ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධන නිලධාරී එම්.පී.සමන්ත ලියනාරච්චි මහතා පැවසි ය.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...