Wednesday, July 10, 2019

මාතර දිස්ත්‍රික් සිවිල් සමාජ සංවිධාන සම්මේලනය ජූලි 12 වැනි දින රැස්වේ


මාතර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන හා ස්වේච්ඡා සිවිල් සංවිධාන එකමුතුවෙන් පිහිටුවන ලද මාතර දිස්ත්‍රික් සිවිල් සමාජ සංවිධාන සම්මේලනය මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජූලි මස 12 වැනිදා පෙ.ව. 9.00 ට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

මෙහි දී පරිසරය හා අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය පිළිබඳව විශේෂ දැනුවත් කිරීමක් ද සිදු කිරීමට නියමිත ය.

මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය නොවන සංවිධානවල හා ස්වේච්ඡා සිවිල් සංවිධානවල නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිත ය.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...