Monday, July 1, 2019

මාතර වෘත්තීය මාර්ගෝපදේශ හා රැකියාගත කිරීමේ වැඩසටහන අති සාර්ථකයි


ශ‍්‍රම වෙළෙඳපොළ තුළ පවත්නා රැකියා අවස්ථා හඳුනාගෙන මාතර දිස්ත‍්‍රික්කයේ රැකියා අපේක්‍ෂිත තරුණ තරුණියන් ජාතික සංවර්ධනයට දායකකිරීමේ අරමුණින් සංවිධානය කරන රැකියා විරහිත තරුණ තරුණියන් රැකියාගත කිරීමේ හා වෘත්තීය මාර්ගෝපදේශ ලබාදීමේ වැඩසටහනක් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ‍්‍රයේ දී පැවැත්විණි.

රැකියා වෙළෙඳපොළ තුළ රැකියා අවස්ථා බහුලව පැවතිය ද ඒ සඳහා යොමුවීම අවම මට්ටමක පවතී. එබැවින් රැකියා සපයන පෞද්ගලික ආයතන සහ රැකියා අපේක්‍ෂිත තරුණ තරුණියන් එක් ස්ථානයකදී මුණගැස්වීම මඟින් දේශීය රැකියා අවස්ථාවන් සඳහා යොමුවීමට ඔවුන්ට අවස්ථාව සලසා දීම මෙහිදී සිදු කෙරිණි.

මෙදින රැකියා අවස්ථා සපයන ආයතනවල පුරප්පාඩු සඳහා සම්මුඛ පරීක්ෂණ වලට පෙනී සිට රැකියාගත වීමට, වැඩ ලෝකය පිළිබඳව අවබෝධයක් ලබාගෙන වෘත්තීය අධ්‍යාපන ආයතන සමඟ සම්බන්ධ වී වෘත්තීය පාඨමාලාවක් ගෝරා ගැනීමට, වෘත්තීය මාර්ගෝපදේශනය හා උපදේශනය ලබා ගැනීමට රැකියා අපේක්ෂිත තරුණ තරුණියන්ට අවස්ථාව ලැබුණි.

විවිධ වෘත්තීය පාඨමාලා සහිත වෘත්තීය පුහුණු ආයතන මේ අවස්ථාවට සම්බන්ධ වූ අතර වෘත්තීය පුහුණු පාඨමාලාවන් වෙත යොමුවීමට අපේෂිත තරුණ තරුණියන්ට ඒ සඳහා ද අවස්ථාව සැලසිණි. මෙහි දී වෘත්තීය මාර්ගෝපදේශ සේවාවන් සැපයීම ඇතුළු සේවාවන් රැසක් ලබා ගැනීමට අවස්ථාව හිමි විය.

මේ අවස්ථාවට මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ.වැල්ලහේවා මහතා, මිනිස්බල හා රැකීරක්‍ෂා දෙපාර්තමේන්තුවේ මිනිස්බල හා පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ලාල් සමරසේකර මහතා, මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් නදී ජයවික්‍රම මහත්මිය, රැකියා කේන්ද්‍රයේ සහකාර අධ්‍යක්ෂ යසස්මී හිඟුරුදූව මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය අංශයේ ආයතන සහ පෞද්ගලික අංශයේ ආයතන 50 ට අධික සංඛ්‍යාවක් සහභාගි වූ අතර ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව හා යුද හමුදාවේ වෛද්‍ය බලකාය ද මේ අවස්ථාවට එක් වූහ. විදේශ රැකියා අංශය වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශය ද සහභාගි විය. මාතර දිස්ත‍්‍රික්කයේ සියලු ම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් රැකියා අපේක්‍ෂිත තරුණ තරුණියන් 2000 ට අධික පිරිසක් මෙම වැඩසටහන සඳහා සහභාගි වී සිටියහ.

කම්කරු අමාත්‍යංශයේ මිනිස්බල හා රැකීරක්‍ෂා දෙපාර්තමේන්තුව සහ මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය හා යූලීඩ් ආයතනය එක්ව මෙම වෘත්තීය මාර්ගෝපදේශ හා රැකියාගත කිරීමේ වැඩසටහන සංවිධානය කරන ලදි.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...