30 වැනි ජාතික මහා ක්‍රීඩා
උළෙල ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) දින
මාතර කොටවිල ක්‍රීඩා සංකීර්ණයේදී ආරම්භ විය.
ගරු අග්‍රාමාත්‍යවරයා
විසින් ක්‍රීඩා උළෙලේ සමාරම්භය ප්‍රකාශයට පත් කරන ලද අතර 1986 වසරේ දී වත්මන් අග්‍රාමාත්‍යවරයා
තරුණ කටයුතු හා රැකී රක්ෂා භාර ඇමතිවරයාව සිටිය දී ජාතික යෞවන මහා ක්‍රීඩා උළෙල
ආරම්භ කරන ලදී.
පසුගිය වසරේ අවුරුදු
20න් ඉහළ දක්ෂතම ක්‍රීඩකයා වූ මහනුවර දිස්ත්‍රික්කයේ ඩී.ඒ.ජී.ජේ.පී.විමලසිරි,
දක්ෂතම ක්‍රීඩිකාව වූ ගම්පහ දිස්ත්‍රික්කයේ එච්.ඩී.විදූෂා ලක්ෂානි, පසුගිය වසරේ අවුරුදු
20 න් පහළ දක්ෂතම ක්‍රීඩකයා වූ ගාල්ල දිස්ත්‍රික්කයේ ජී.අයි.එම්.ප්‍රනාන්දු හා
දක්ෂතම ක්‍රීඩිකාව වූ මහනුවර දිස්ත්‍රික්කයේ ඩී.ටී.ඒ. ද සිල්වා යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්
විසින් 30 වන ජාතික යෞවන මහා ක්‍රීඩා උළෙලේ ඔලිම්පික් පහන දල්වනු ලැබී ය.
දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක
නියෝජනය කරමින් අවුරැදු 20න් පහළ හා ඉහළ වශයෙන් කාණ්ඩ 4ක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්
3000ක් මෙම ක්‍රීඩා උළෙල සඳහා ඉදිරිපත් වීමට නියමිතය.
මෙම සමාරම්භක උත්සව අවස්ථාවට
තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, එම
අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ, අමාත්‍යාංශ ලේකම් එච්.එම්. ගාමිණී
සෙනෙවිරත්න, ජාතික තරුණ සේවා සභාවේ අධ්යක්ෂ ජනරාල් එරන්ද වැලිඅංගේ මහතා හා යොවුන්
ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
ජාතික තරුණ සේවා සභාව, තරුණ
කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යෞවන
සමාජ සම්මේලනය ක්‍රීඩා උළෙල සංවිධානය කරයි.
No comments:
Post a Comment