මාතර දිස්ත්‍රික්කයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ඇතුළත්
2018 - රුහුණු ව්‍යවසාය වෙළඳ ප්‍රදර්ශනය නොවැම්බර් මස 01, 02 හා 03 දිනවල මාතර -
නූපේ ඕලන්ද වෙළඳ මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
මෙහි ප්‍රධාන අරමුණ වන්නේ මාතර දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්
සඳහා පුළුල් වෙළඳ පොළක් හඳුන්වා දීම, අපනයන විභවතාවයෙන් යුත් කර්මාන්ත පුළුල්
කිරීමෙන් අපනයන විවිධාංගීකරණයක් ඇති කිරීම හා දිර්ග කාලීන මිලදී ගන්නන් සම්බන්ධ
කරදීම ආදිය වේ.
මෙම වෙළඳ ප්‍රදර්ශනය සඳහා මල් හා පැළ වර්ග, පාවහන් හා බෑග් නිෂ්පාදන,
ඇගලුම් නිෂ්පාදන, ආහාර හා කුළුබඩු නිෂ්පාදන, විසිතුරු භාණ්ඩ නිෂ්පාදන හා විවිධ
නිෂ්පාදන ඇතුලත් ය.
මාතර දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස නියෝජනය වන පරිදි ව්‍යවසායකයන්
50 ක අධික පිරිසක් සහභාගි වීමට නියමිත ය.
ව්‍යාපෘති
කළමනාකරණ, තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ මාතර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර
සංවර්ධන අංශය හා රුහුණු ශක්ති ව්‍යවසායක සංසදය ව්‍යවසාය ප්‍රදර්ශනය සංවිධානය කරයි.
No comments:
Post a Comment