2018 - ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ දෙවිනුවර ප්‍රාදේශිය
ලේකම් කොට්ඨාසයේ වල්බුළුගහහේන එකමුතු වැඩිහිටි සංවිධානයේ වැඩිහිටියන් සඳහා උපහාර
පිදීමේ වැඩිහිටි සැමරුම් උත්සවයක් පසුගියදා දෙවිනුවර බතලහේන්ගොඩ ග්‍රාමසංවර්ධන
සමිති ශාලා පරිශ්‍රයේ දී පැවැත්විණි.
තම ජීවිත කාලයේ වැඩි කාලයක් තමා
ගැන නොව සමාජය ගැන සිතමින් සමාජ සේවය වෙනුවෙන් කැපවූ වයස අවුරුදු 80 ඉක්ම වූ සමාජ
සේවකයන් සඳහා උපහාර තිළිණ ප්‍රදානය කිරීම මෙහි විශේෂ සිදුවීමක් විය.
දෙවිනුවර ප්‍රාදේශිය ලේකම්
කොට්ඨාසයේ වැඩිහිටි නිලධාරී සමන් කපිල මහතා, දෙවිනුවර වල්බුළුගහහේන ග්‍රාම නිලධාරී
එස්.කේ. ජානකී මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්, වල්බුළුගහහේන එකමුතු වැඩිහිටි
සංවිධානයේ සභාපති පන්නිලගේ චන්ද්‍රදාස මහතා, එහි ලේකම් සෞම්‍යසිරි අබේනායක මහතා
ඇතුළු වැඩිහිටි සංවිධානයේ සාමිජිකයන් හා ප්‍රදේශවාසීන් මෙම වැඩිහිටි සැමරුම්
උත්සවය සඳහා සහභාගි වී සිටියහ.
No comments:
Post a Comment