Friday, November 2, 2018

2018 රුහුණු ව්‍යවසාය වෙළඳ ප්‍රදර්ශනය මාතර - නූපේ ඕලන්ද වෙළඳ මධ්‍යස්ථානයේ දී ආරම්භ විය


මාතර දිස්ත්‍රික්කයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ඇතුළත් 2018 - රුහුණු ව්‍යවසාය වෙළඳ ප්‍රදර්ශනය හා පොළ විවෘත කිරීම මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ. වැල්ලහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) දින පෙ.ව.9.30 ට මාතර - නූපේ ඕලන්ද වෙළඳ මධ්‍යස්ථානයේ දී ආරම්භ විය. මෙම වෙළඳ ප්‍රදර්ශනය අද (02) හා හෙට (03)  දිනවල පැවැත්වේ.

මාතර දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා පුළුල් වෙළඳ පොළක් හඳුන්වා දීම, අපනයන විභවතාවයෙන් යුත් කර්මාන්ත පුළුල් කිරීමෙන් අපනයන විවිධාංගීකරණයක් ඇති කිරීම හා දිර්ග කාලීන මිලදී ගන්නන් සම්බන්ධ කරදීම  ආදිය මෙම වෙළඳ ප්‍රදර්ශනයේ  ප්‍රධාන අරමුණ වේ.


මෙහි මල් හා පැළ වර්ග, පාවහන් හා බෑග් නිෂ්පාදන, ඇගලුම් නිෂ්පාදන, ආහාර හා කුළුබඩු නිෂ්පාදන, විසිතුරු භාණ්ඩ නිෂ්පාදන හා වෙනත් විවිධ නිෂ්පාදන ඇතුලත් ය. 


මාතර දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස නියෝජනය වන පරිදි ව්‍යවසායකයන් 50 කට අධික පිරිසක් මේ සඳහා එක් වී සිටියහ.


ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) එන්.කේ.ආර්. පතිරණ මහතා ඇතුළු මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජ්‍ය නිලධාරීන්, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ප්‍රධාන කාර්යාලයේ රාජ්‍ය නිලධාරීන් හා රුහුණු ශක්ති ව්‍යවසායක සංසදයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.


ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ මාතර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හා රුහුණු ශක්ති ව්‍යවසායක සංසදය ව්‍යවසාය ප්‍රදර්ශනය සංවිධානය කරයි.





No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...