මාතර දිස්ත්රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී වරයෙකු
වූ ජස්ටින් ගලප්පත්ති මහතා අද (24) දින කොළඹ පෞද්ගලික රෝහලක දී අභාවප්රාප්ත වී ඇත. මිය යන විට ඒ මහතා 68 වන වියේ පසු විය.
1988 වසරේ
සිට දකුණු පළාත් සභාව නියෝජනය කළ ජස්ටින් ගලප්පත්ති මහතා එහි මන්ත්රීවරයෙකු, ඇමතිවරයෙකු
හා විපක්ෂනායක වශයෙන් ද කටයුතු කර තිබේ.
2014 පලාත්
සභා මැතිවරණයේ දී
එම අවස්ථාව සිය වැඩිමහල් පුතුට භාරකළ ඒ මහතා මිය
යන තෙක්ම
වසර 30 ට අධික කාලයක් ක්රියාකාරී දේශපාලනයේ නිරත විය.
ජස්ටින් ගලප්පත්ති මහතා එක්සත් ජාතික පක්ෂයේ
දෙවිනුවර ආසන සංවිධායක
චතුර ගලප්පත්ති මහතා ඇතුළු දූ දරුවන් තිදෙනෙකුගේ පියෙකි.
No comments:
Post a Comment