සහල් වර්ග 02 ක් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 98 ක්
ලෙස නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඊයේ (19) දින
අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරුණි.
ඒ අනුව වාෂ්පයෙන් තම්බන ලද සුදු
හෝ රතු සම්බා සහ සුදු හෝ රතු නාඩු කිලෝග්‍රෑම් 01 ක උපරිම සිල්ලර මිල රුපියල්
98 ක්
ලෙස දක්වා තිබේ.
කීරි සම්බා සහ සූදුරු සම්බා මෙන්ම මොට්ටයිකරුපන්
හා ආට්ටකාරී යන සහල් වර්ග මෙයට ඇතුළත් නොවන බව අදාළ නිවේදනයේ සඳහන් වේ.
අදාළ නියමයන් උල්ලංඝණය කරමින් කටයුතු කරන වෙළඳුන්ට
එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත යටතේ නීතිය ක්‍රියාත්මක
කරන බව පාරිභෝගික සේවා අධිකාරියේ මාතර දිස්ත්‍රික් කාර්යාලයේ දිස්ත්‍රික්
ප්‍රධානී පී.ආර්.කේ.එස්.බණ්ඩාර මහතා මාතර පුවත් වෙත අදහස් දක්වමින් සඳහන්
කළේ ය.
මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ද
උපදෙස් පරිදි මාතර දිස්ත්‍රික්කයේ වැඩි මිලට සහල් විකුණන වෙළඳුන් සොයා වැටලීම් සිදු
කරන බව ද පොලිස් නිලධාරින් සමඟ එකව පාරිභෝගික සේවා අධිකාරියේ
මාතර දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරින් ඊයේ (19) දින මේ පිළිබඳව වෙළඳුන් දැනුවත් කිරීමට
සිදු කළ බවද ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.
No comments:
Post a Comment