Thursday, August 29, 2019
Monday, August 26, 2019
නිල්වලා ගඟේ පරිසර හානි සොයා විශේෂ සෝදිසි මෙහෙයුමක්
මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ තීරණයක් මත කමිටුවේ
සභාපති කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා
නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
බුද්ධික පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර තොටමුණ මෝය සමීපයේ සිට
අකුරැස්ස දක්වා වූ කොටසේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළහ.
නිල්වලා ගඟ ආශ්රිත
අනවසර ඉදිකිරීම්, ගංඉවුරු ගොඩකරමින් කරන ලද ඉදිකිරීම්, පස් කඳු කපා දමා ගඟ ගොඩ කිරීම,
කැලිකසළ ගඟට දැමීම, ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගඟට බැහැර කිරීම, නිවෙල්වල කුණු කසළ ඇතුළු
අපද්‍රව්‍ය ගඟට බැහැර කිරීම, කර්මාන්ත ශාලා හා ව්‍යාපාරික ස්ථානවල අපද්‍රව්‍ය ගඟට බැහැර
කිරීම, අපද්‍රව්‍ය මිශ්‍ර අපජල නළ ගඟට යොමු කිරීම, මස් කඩවල අපද්‍රව්‍ය ගඟට දැමීම,
මාතර කතරගම දුම්රිය මාර්ග ව්‍යාපෘතිය මගින් හා මාතර කතරගම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය
මගින් ගඟ හරස් කර ඇති ආකාරය, අපද්‍රව බැහැර කිරීම් ආදී නිල්වලා ගඟ අපිරිසිදු කරන නීති
විරෝධී ක්‍රියා රැසක් පිළිබඳව මෙහිදී නිරීක්ෂණය කෙරිණි.
මාතර අතිරේක දිස්ත්‍රික්
ලේකම් කසුන් එස්.කේ.වැල්ලහේවා මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව,
මධ්‍යම පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා පොලිසිය, නාවික හමුදාව,
මාතර මහා නගර සභාව, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය, අකුරැස්ස ප්‍රාදේශිය
සභාව ඇතුළු රාජ්‍ය ආයතන රැසක් හා මාතර දිස්ත්‍රික්කයේ ජනමාධ්‍යවේදීන් පිරිසක් මෙම මෙහෙයුම
සඳහා එක් වී සිටියහ.
ඒ ඒ රාජ්‍ය ආයතන
නිරීක්ෂණය කළ නිල් වලා ගඟ හා සම්බන්ධ ගැටළු පිළිබඳ වාර්තාවක් ඉදිරි දිස්ත්‍රික් සම්බන්ධීකරණ
කමිටුවට ඉදිරිපත් කෙරෙන අතර එම වාර්තා අනුව මේ සම්බන්ධව විද්වත් වාර්තාවක් සකස් කිරීමට
නියමිත ය. ඒ අනුව ඉදිරි නීතිමය කටයුතු සිදු කෙරේ.
මෙහි දී අදහස් දැක්
වූ රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා සඳහන් කළේ මාතර දිස්ත්‍රික්කයේ 800,000 කට අධික ජනතාවගෙන් 80% ක් පානය
කරන්නේ නිල්වලා ගඟේ ජලය වන බැවින් නිල්වලා ගඟ ආරක්ෂා කර ගැනීම හා ගඟ ආශ්රිත නීති විරෝධී
ක්‍රියා නතර කර පිරිසිදු පානීය ජලය ජනතාවට ලබාදීමට කැපවීම සියලු දෙනාගේ වගකීමක් බවයි.
මාතර දිස්ත්‍රික් සිවිල් සමාජ සංවිධාන සම්මේලනයට නව නිලධාරී මණ්ඩලයක්
ී ජයසේකර ශ්‍රවණාගාරයේ
දී සිදු කෙරිණි.
සභාපති වශයෙන් හිටපු සභාපති නාවිමන දකුණ ග්‍රාමීය සංවර්ධන පදනම නියෝජනය කරන
පූජ්‍ය යටලමත්තේ විපස්සි හිමි, ලේකම් එස්.ඕ.එස් ළමා ගම්මානය
නියෝජනය කරන උපාලි ගුණවර්ධන මහතා, භාණ්ඩාගාරික ප්‍රජා ශක්ති සංවර්ධන ආයතනය නියෝජනය
කරන කොන්රඩ් රණවක මහතා, උපසභාපති හෙල්දි ලංකා ආයතනය නියෝජනය කරන ඉන්ද්‍රජිත් ගමගේ මහතා,
උපලේකම් වැලිගම ප්‍රජාශක්ති සංවර්ධන අරමුදල නියෝජනය කරන නන්දා විතානගේ මහත්මිය හා උප භාණ්ඩාගාරික
ස්වයං සංවර්ධන සංවිධානය නියෝජනය කරන කේ.කේ.ඉන්ද්‍රාණි මහත්මිය තෝරාපත්කර ගන්නා ලදි.
මාතර
දිස්ත්‍රික්කයේ රාජ්‍ය නොවන සංවිධාන හා ස්වේච්ඡා සිවිල් සංවිධාන 100 ට ආසන්න ප්‍රමාණයක්
පවතී.
රාජ්‍ය නොවන සංවිධාන මගින් ලැබෙන මුදල් මාතර දිස්ත්‍රික්කයේ ජනජීවිතය නගා සිටුවීම සඳහා වඩාත් ඵලදායිව විධිමත් පරිදි යෙදවීම සඳහා මෙම සිවිල් සමාජ සංවිධාන සම්මේලනයේ සම්බන්ධීකරණය ඉතාම වැදගත් වේ.
රාජ්‍ය නොවන සංවිධාන මගින් ලැබෙන මුදල් මාතර දිස්ත්‍රික්කයේ ජනජීවිතය නගා සිටුවීම සඳහා වඩාත් ඵලදායිව විධිමත් පරිදි යෙදවීම සඳහා මෙම සිවිල් සමාජ සංවිධාන සම්මේලනයේ සම්බන්ධීකරණය ඉතාම වැදගත් වේ.
මේ අවස්ථාවට මාතර
දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය නොවන සංවිධානවල හා ස්වේච්ඡා සිවිල්
සංවිධානවල නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
Tuesday, August 20, 2019
අධික සුළං හා වර්ෂාව හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පීඩාවට පත්වූවන්ට රුපියල් ලක්ෂ 51 ක් වන්දි
මාතර දිස්ත්‍රික්කයට මේ දිනවල ඇද හැලෙන වර්ෂාව
හා අධික සුළං තත්ත්වය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දොළහක (12) පුද්ගලයින් 715 දෙනෙකු මේ වන විට පීඩාවට පත්ව තිබෙන බවත් පීඩාවට පත්වූවන්ට
ආපදා හානි වෙනුවෙන් මූලික අත්තිකාරමක් වශයෙන් රුපියල් 10,000 බැගින් ලබාදීම සඳහා අදාළ
ප්‍රාදේශිය ලේකම් වරුන්ට රුපියල් 5140,000 ක මුදලක් මුදාහැර අති බවත් මාතර දිස්ත්‍රික්
ලේකම් ප්‍රදීප් රත්නායක මහතා පවසයි.
රුපියල් 10,000 බැගින් අත්තිකාරම් ලබාදීම සඳහා දික්වැල්ල
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට රුපියල් 250,000 ක් ද, කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට
රුපියල් 360,000 ක් ද, මුලටියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට රුපියල් 300,000 ක් ද, වැලිපිටිය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට රුපියල් 150,000 ක් ද, අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට
රුපියල් 230,000 ක් ද, මාතර කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට රුපියල් 400,000
ක් ද, කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට රුපියල් 130,000 ක් ද, පස්ගොඩ ප්‍රාදේශීය
ලේකම් කොට්ඨාසයට රුපියල් 600,000 ක් ද, හක්මණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට රුපියල් 550,000
ක් ද, කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට රුපියල් 150,000 ක් ද, වැලිගම
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට රුපියල් 1170,000 ක් ද, පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට
රුපියල් 100,000 ක් ද, තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට රුපියල් 300,000 ක් ද, දෙවිනුවර
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට රුපියල් 250,000 ක් ද, අතුරලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට
රුපියල් 100,000 ක් ද, මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට රුපියල් 100,000 ක් ද වශයෙන්
රුපියල් 5140,000 ක් මුදාහැර තිබේ.
කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල්
07 ක පුද්ගලයින් 30 දෙනෙක් පීඩාවට පත් වී ඇති අතර අර්ධ නිවාස හානි 07 ක් වාර්තාවේ.
හක්මණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 76 ක පුද්ගලයින් 282 දෙනෙක් පීඩාවට පත් වී
ඇති අතර අර්ධ නිවාස හානි 76 ක් වාර්තාවේ. කඹුරුපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල්
07 ක පුද්ගලයින් 31 දෙනෙක් පීඩාවට පත් වී ඇති අතර අර්ධ නිවාස හානි 07 ක් වාර්තාවේ.
මුලටියන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 14 ක පුද්ගලයින් 52 දෙනෙක් පීඩාවට පත් වී
ඇති අතර අර්ධ නිවාස හානි 14 ක් වාර්තාවේ. පස්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල්
09 ක පුද්ගලයින් 34 දෙනෙක් පීඩාවට පත් වී ඇති අතර අර්ධ නිවාස හානි 09 ක් වාර්තාවේ.
තිහගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 07 ක පුද්ගලයින් 28 දෙනෙක් පීඩාවට පත් වී
ඇති අතර අර්ධ නිවාස හානි 07 ක් වාර්තාවේ. පිටබැද්දර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල්
08 ක පුද්ගලයින් 32 දෙනෙක් පීඩාවට පත් වී ඇති අතර එක් පුද්ගලයෙකු තුවාළ ලබා ඇත. අර්ධ
නිවාස හානි 08 ක් වාර්තාවේ. දික්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 09 ක පුද්ගලයින්
34 දෙනෙක් පීඩාවට පත් වී ඇති අතර අර්ධ නිවාස හානි 09 ක් වාර්තාවේ. වැලිගම ප්‍රාදේශිය
ලේකම් කොට්ඨාසයේ පවුල් 13 ක පුද්ගලයින් 52 දෙනෙක් පීඩාවට පත් වී ඇති අතර එක් පුද්ගලයෙකු
තුවාළ ලබා ඇත. අර්ධ නිවාස හානි 13 ක් වාර්තාවේ. වැලිපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ
පවුල් 11 ක පුද්ගලයින් 32 දෙනෙක්
පීඩාවට පත් වී ඇති අතර අර්ධ නිවාස හානි 11 ක්
වාර්තාවේ. අකුරැස්ස ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 07 ක පුද්ගලයින් 25 දෙනෙක් පීඩාවට
පත් වී ඇති අතර අර්ධ නිවාස හානි 07 ක් වාර්තාවේ. මාතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල්
09 ක පුද්ගලයින් 35 දෙනෙක් පීඩාවට පත් වී ඇති අතර අර්ධ නිවාස හානි 09 ක් වාර්තාවේ.
කොටපොල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 11 ක පුද්ගලයින් 48 දෙනෙක් පීඩාවට පත් වී
ඇති අතර එක් පුද්ගලයෙකු තුවාළ ලබා ඇත. අර්ධ නිවාස හානි 11 ක් වාර්තාවේ. ඒ අනුව මාතර
දිස්ත්‍රික්කයේ පවුල් 188 ක පුද්ගලයින් 715 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර පුද්ගලයින්
තිදෙනෙකු තුවාල ලබා ඇත. අර්ධ නිවාස හානි 188 ක්
වාර්තාවේ.
Subscribe to:
Posts (Atom)
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති
මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...
-
මාතර දිස්ත්‍රික් ලේකම්/දිසාපති ප්‍රදීප් රත්නායක මාතර දිස්ත්‍රික්කයේ මහජනතාව වෙනුවෙන් මෙන්ම රටේ ම මහජනතාව වෙනුවෙන් කොන්දේසි විරහිතව අ...
-
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කරන ‘මතින් නිදහස් රටක්’ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට සමගාම...
-
2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ජෛව පද්ධති තාක්ෂණය විෂය ධාරාව යටතේ ඉදිරිපත් වී දිවයිනේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට මාතර දිස...