Thursday, December 26, 2019

මාතර දිස්ත්‍රික්කයේ සමථ මූල මණ්ඩල සභාපතිවරු හා උපසභාපතිවරු දැනුවත් කෙරේ


2020 වරෂයේ මාතර දිස්ත්‍රික්කයේ සමථ මූල මණ්ඩල 16 හි ම ක්‍රියාකාරිත්වය 2019 වර්ෂයේ සේම විධිමත් ව පවත්වාගෙන යාම සඳහා දිස්ත්‍රික්කයේ සෑම සමථ මූල මණ්ඩලයක් ම ලේඛන පවත්වාගෙන යාමේ සිට සියලු කටයුතු ඒකමිතියකින් යුක්තව සිදු කළ යුතු බව මාතර දිස්ත්‍රික් සමථ පුහුණු නිලධාරී රංජනී ඩයස් මහත්මිය පැවැසුවා ය.

ඇය මේ අදහස් පලකළේ ඊයේ (25) දින පැවති මාතර දිස්ත්‍රික්කයේ සමථ මූල මණ්ඩල සභාපති හා උපසභාපතිවරුන්ගේ සංගමයේ 2019 වසරේ අවසන් රැස්වීම සඳහා සංගමයේ අනුශාසක වශයෙන් සහභාගි වූ අවස්ථාවේ දී ය.

සංගමයේ ගරු සභාපති අකුරැස්ස සමථ මූල මණ්ඩලයේ ගරු සභාපති සී.කෝරළගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවත්විණි.

තවදුරටත් අදහස් දැක් වූ රංජනී මහත්මිය සඳහන් කළේ අධිකරණයෙන්, පොලිසියෙන්, බැංකු හා මූල්‍ය ආයතන වලින් සහ ආරවුල් කරුවන්ගෙන් 10,000 ට අධික ආරවුල් හා වැරදි ප්‍රමාණයක් වාර්ෂිකව මාතර දිස්ත්‍රික්කයේ සමථ මූල මණ්ඩල වෙත යොමු වන බවත් ස්වේච්ඡාවෙන් සිදු කරන සමාජ මෙහෙවරක් වශයෙන් සමථකරණ ශිල්පක්‍රම හා මූලධර්ම අනුගමනය කරමින් සමථ මූල මණ්ඩල සාමාජිකයින් විසින් එයින් 50% ත් 60% ත් අතර ප්‍රමාණයක් නිරවුල් කර ඇති බවත් ය.

කඹුරුපිටිය සමථ මූල මණ්ඩලයේ ගරු සභාපති ඩයස් සියාසිංහ මහතාගේ නිවසේ මෙවර රැස්වීම පැවති අතර සංගමයේ ගරු ලේකම් මුලටියන සමථ මූල මණ්ඩලයේ ගරු සභාපති ජේ.ඒ.දීපා රංජනී මහත්මිය, සංගමයේ ගරු භාණ්ඩාගාරික කිරින්ද - පුහුල්වැල්ල සමථ මූල මණ්ඩලයේ ගරු සභාපති ඩබ්.එම්.ටී.ඉන්දික මහතා ඇතුළු මාතර දිස්ත්‍රික්කයේ සමථ මූල මණ්ඩල සභාපතිවරු හා උපසභාපතිවරු පිරිසක් මේ සඳහා සහභාගි වී සිටියහ.

Tuesday, December 24, 2019

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජස්ටින් ගලප්පත්ති මහතා අභාවප්‍රාප්ත වෙයි

මාතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු වූ ජස්ටින් ගලප්පත්ති මහතා අද (24) දින කොළඹ පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විට ඒ මහතා 68 වන වියේ පසු විය.

1988 වසරේ සිට දකුණු පළාත් සභාව නියෝජනය කළ ජස්ටින් ගලප්පත්ති මහතා එහි මන්ත්‍රීවරයෙකු, ඇමතිවරයෙකු හා විපක්ෂනායක වශයෙන් ද කටයුතු කර තිබේ.

2014 පලාත් සභා මැතිවරණයේ දී එම අවස්ථාව සිය වැඩිමහල් පුතුට භාරකළ ඒ මහතා මිය යන තෙක්ම වසර 30 ට අධික කාලයක් ක්‍රියාකාරී දේශපාලනයේ නිරත විය.

ජස්ටින් ගලප්පත්ති මහතා එක්සත් ජාතික පක්ෂයේ දෙවිනුවර ආසන සංවිධායක චතුර ගලප්පත්ති මහතා ඇතුළු දූ දරුවන් තිදෙනෙකුගේ පියෙකි.

ජාතික සුරක්ෂිතතා දින මාතර දිස්ත්‍රික් සැමරුම 26 වැනිදා වැලිගම - පැලෑන ගංගාරාම විහාරසථානයේ දී


ජාතික සුරක්ෂිතතා දිනයට සමගාමීව පවත්වනු ලබන මාතර දිස්ත්‍රික් සැමරුම් උත්සවය මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් 26 වැනිදා පෙ.ව.8.30 ට වැලිගම - පැලෑන ගංගාරම විහාරස්ථානයේ ඉදිකර තිබෙන සුනාමි ස්මාරකය අභියස දී පැවැත්වේ.

සුනාමියෙන් මියගිය හා අතුරුදහන් වූ අය සිහිපත් කිරීම සඳහා බෞද්ධ, හින්දු, ඉස්ලාම් හා කතෝලික සර්ව ආගමික වතාවත් ඉටුකිරීම මෙන්ම සුනාමි ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීම ද මෙහි දී සිදු කිරීමට නියමිත බව මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය සඳහන් කරයි. 

මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය වැඩසටහන සංවිධානය කරයි.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...