Friday, October 26, 2018

30 වැනි ජාතික යෞවන මහා ක්‍රීඩා උළෙල අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ



30 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) දින මාතර කොටවිල ක්‍රීඩා සංකීර්ණයේදී ආරම්භ විය.

ගරු අග්‍රාමාත්‍යවරයා විසින් ක්‍රීඩා උළෙලේ සමාරම්භය ප්‍රකාශයට පත් කරන ලද අතර 1986 වසරේ දී වත්මන් අග්‍රාමාත්‍යවරයා තරුණ කටයුතු හා රැකී රක්ෂා භාර ඇමතිවරයාව සිටිය දී ජාතික යෞවන මහා ක්‍රීඩා උළෙල ආරම්භ කරන ලදී.

පසුගිය වසරේ අවුරුදු 20න් ඉහළ දක්ෂතම ක්‍රීඩකයා වූ මහනුවර දිස්ත්‍රික්කයේ ඩී.ඒ.ජී.ජේ.පී.විමලසිරි, දක්ෂතම ක්‍රීඩිකාව වූ ගම්පහ දිස්ත්‍රික්කයේ එච්.ඩී.විදූෂා ලක්ෂානි, පසුගිය වසරේ අවුරුදු 20 න් පහළ දක්ෂතම ක්‍රීඩකයා වූ ගාල්ල දිස්ත්‍රික්කයේ ජී.අයි.එම්.ප්‍රනාන්දු හා දක්ෂතම ක්‍රීඩිකාව වූ මහනුවර දිස්ත්‍රික්කයේ ඩී.ටී.ඒ. ද සිල්වා යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් 30 වන ජාතික යෞවන මහා ක්‍රීඩා උළෙලේ ඔලිම්පික් පහන දල්වනු ලැබී ය.


දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් අවුරැදු 20න් පහළ හා ඉහළ වශයෙන් කාණ්ඩ 4ක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3000ක් මෙම ක්‍රීඩා උළෙල සඳහා ඉදිරිපත් වීමට නියමිතය. 

මෙම සමාරම්භක උත්සව අවස්ථාවට තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, එම අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ, අමාත්‍යාංශ ලේකම් එච්.එම්. ගාමිණී සෙනෙවිරත්න, ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජනරාල් එරන්ද වැලිඅංගේ මහතා හා යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

ජාතික තරුණ සේවා සභාව, තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය ක්‍රීඩා උළෙල සංවිධානය කරයි.



කිරින්ද - පුහුල්වැල්ල සමථ මූල මණ්ඩලයේ සාමාජිකයින් සාමවිනිසුරු පදවි ලබති


මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය කේන්ද්‍ර කර ගනිමින් 1988 අංක 72 දරණ සමථ මණ්ඩල පනත ප්‍රකාරව පිහිටුවන ලද අංක 274 කිරින්ද - පුහුල්වැල්ල සමථ මූල මණ්ඩලයේ සමථ කරුවන් වශයෙන් පත්වීම් ලැබූ සමථ කරුවන් නව දෙනෙකු සාම විනිසුරුවරුන් වශයෙන් පසුගියදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ දී මාතර අතිරේක මහේස්ත්‍රාත් ආර්.වී.නිල්මිණී කේ.විතාරණ මහත්මිය ඉදිරියේ දිවුරුම් දෙනු ලැබූහ.
 
ඒ අනුව කිරින්ද - පුහුල්වැල්ල සමථ මූල මණ්ඩලයේ සභාපති ඩබ්.එම්.ටී.ඉන්දික මහතා මුළු දිවයින සඳහා ම සාමදාන විනිශ්චයකාර වරයෙකු වශයෙන් සහ එහි සාමාජිකයින් වන කේ.ජී.ජගත් ජයවීර මහතා, එච්.එම්.කුලතිලක මහතා, එම්.කේ.උපුල් නිශාන්ත මහතා, එච්.නෙල්සන් මහතා, චන්ද්‍රෙස්න කොඩිතුවක්කු මහතා, පාලිත දන්තනාරායන මහතා, වී.ජී.තිලකවංශ මහතා සහ එච්.එම්.මාලනී පතිනායක මහත්මිය මාතර අධිකරණ කලාපය සඳහා සාමදාන විනිශ්චයකාරවරු වශයෙන් පත්කරන ලදි.

Thursday, October 25, 2018

2018 රුහුණු ව්‍යවසාය වෙළඳ ප්‍රදර්ශනය නොවැම්බර් 01, 02 හා 03 දිනවල මාතර - නූපේ ඕලන්ද වෙළඳ මධ්‍යස්ථානයේ දී


මාතර දිස්ත්‍රික්කයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ඇතුළත් 2018 - රුහුණු ව්‍යවසාය වෙළඳ ප්‍රදර්ශනය නොවැම්බර් මස 01, 02 හා 03 දිනවල මාතර - නූපේ ඕලන්ද වෙළඳ මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.

මෙහි ප්‍රධාන අරමුණ වන්නේ මාතර දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා පුළුල් වෙළඳ පොළක් හඳුන්වා දීම, අපනයන විභවතාවයෙන් යුත් කර්මාන්ත පුළුල් කිරීමෙන් අපනයන විවිධාංගීකරණයක් ඇති කිරීම හා දිර්ග කාලීන මිලදී ගන්නන් සම්බන්ධ කරදීම  ආදිය වේ.

මෙම වෙළඳ ප්‍රදර්ශනය සඳහා මල් හා පැළ වර්ග, පාවහන් හා බෑග් නිෂ්පාදන, ඇගලුම් නිෂ්පාදන, ආහාර හා කුළුබඩු නිෂ්පාදන, විසිතුරු භාණ්ඩ නිෂ්පාදන හා විවිධ නිෂ්පාදන ඇතුලත් ය. 

මාතර දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස නියෝජනය වන පරිදි ව්‍යවසායකයන් 50 ක අධික පිරිසක් සහභාගි වීමට නියමිත ය.

ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ මාතර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හා රුහුණු ශක්ති ව්‍යවසායක සංසදය ව්‍යවසාය ප්‍රදර්ශනය සංවිධානය කරයි.



අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...