මාතර නගරයේ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ
ආයතනයක් මංකොල්ලකෑමට පැමිණී කොල්ලකරුවන් හා පොලීසිය අතර ඇතිවු වෙඩි
හුවමාරුවේදී කොල්ලකරුවන් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් බරපතල
තුවාල
ලැබු මාතර කඹුරුපිටිය මාර්ගයේ පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙකු වූ තෙලිජ්ජවිල,
දම්පැල්ල,බෝකටුගහ හේනේ පදිංචි
ඉන්දික ලසන්ත මානගේ මහතාට මාතර දිස්ත්‍රික් කාර්යාලීය
නිලධාරීන් විසින් රුපියල් 50,000 ක මුදල් පරිත්‍යාගයක් හා කුඩා දරුවන් වෙනුවෙන්
ළදරු උපකරණ පරිත්‍යාගයක් ඊයේ (15) දින ඒ මහතාගේ නිවසේ දී සිදු කෙරිණි.
මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප්
රත්නායක මහතාගේ මැදිහත්වීමෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නිලධාරීන් සිදු
කරන සමාජ සත්කාරක ක්‍රියාවක් වශයෙන් මෙම පරිත්‍යාගයන් සිදු කරන ලදි.
අදාළ සිද්ධිය සිදු වී මාස දෙකකට ආසන්න
කාලයක් ගත වී ඇති අතර එය මේ වන විට සමාජයට අමතකව ගොස් ඇත.
එම සිද්ධියේදී මුහුණට
වෙඩි වෑදීමෙන් බරපතල තුවාල ලැබු ඒ මහතා මාතර මහ රෝහල වෙත ඇතුලත් කරන විට ඔහුගේ
බිරිඳ නිවුන් දරුවන් ප්‍රසූත කිරීම සුවිශේෂී සිද්ධියක් විය.
ඊට අමතරව ඔහුට තවත් පුතුන් දෙදෙනෙකු
සිටී. වැඩිමහල් පුතු වන ලසිරු මිනුසර (07) පරදුව ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ 02 වන ශ්‍රේණියේ ඉගෙනුම
ලබයි. දෙවැනි පුතු අනුග සරික්ෂාන් (04) තෙලිජ්ජවිල හසර පෙර පාසලේ ඉගෙනුම ලබයි.
ඒ අනුව පිරිමි දරුවන් සිව් දෙනෙකුගේ
පියෙකු වන ඉන්දික ලසන්ත මානගේ මහතා මේ වන විට සුවය ලබා ඇති නමුත් විවිධ ශාරීරික
අපහසුතා වදුරටත් පවතී. සම්පූර්ණ සුවය ලැබීමට තවත් කාලයක් ගතවන බව වෛද්‍යවරුන්
පැවසූ බව ඒ මහතා අප සමඟ පැවසී ය.
No comments:
Post a Comment