රජයේ රැකියාවක් නොකරන, විශ්රාම වැටුපක් අහිමි ප්රජාව වෙනුවෙන් විශ්රාම
වැටුපක් හිමිකර දීමේ අරමුණින් රජය මගින් ක්රියාවට නංවන සමාජ ආරක්ෂණ විශ්රාම වැටුප්
යෝජනා ක්රමය සඳහා 2017 වර්ෂයේ සමාජිකයින් බඳවා ගැනීමේ දී වැඩි දායකත්වයක් සැපයූ
මාතර දිස්ත්රික්කයේ රාජ්ය නිලධාරීන් සඳහා මාතර දිස්ත්රික් ලේකම් ප්රදීප් රත්නායක
මහතා විසින් පිරිනමන ප්රශංසා සහතික ප්රදානය කිරීමේ උත්සවයක් වැලිගම ප්රාදේශිය
ලේකම් සුමිත් ශාන්ත මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා වැලිගම ප්රාදේශිය ලේකම්
කාර්යාලීය ශ්රවණාගාරයේ දී පැවැත්විණි.
සමාජ ආරක්ෂණ විශ්රාම වැටුප් යෝජනා ක්රමය සඳහා සාමාජිකයින් 50 දෙනෙකුට වඩා
වැඩි පිරිසක් බඳවාගත් ග්රාම නිලධාරීන් 07 දෙනෙකු සඳහා ප්රශංසා සහතික ප්රදානය
කිරීම මෙහි දී සිදු කෙරිණි. 2017 වර්ෂයේ දී සමාජ ආරක්ෂණ විශ්රාම වැටුප් යෝජනා ක්රමය
සඳහා සාමාජිකයින් 206 දෙනෙකු බඳවා ගනිමින්
දකුණු පළාතේ දෙවන ස්ථානය හිමිකර ගත් වැලිගම - බණ්ඩරමුල්ල ග්රාම නිලධාරී ඊ.ඒ.එස්.කේ.එදිරිසිංහ
මහතා විශේෂ ඇගයිමකට ලක් කෙරිණි.
මෙම ප්රශංසා සහතික ප්රදානය කිරීමේ උත්සවයට සමගාමීව ග්රාම නිලධාරීන් සඳහා
පුහුණු වැඩසටහනක් සමාජ ආරක්ෂණ මණ්ඩලයේ මාතර දිස්ත්රික් සම්බන්ධීකරණ නිලධාරී අමිල
ගමගේ මහතා විසින් සිදු කරන ලදි.
මේ අවස්ථාවට වැලිගම සහකාර ප්රාදේශිය ලේකම්, වැලිගම පරිපාලන ග්රාම
නිලධාරී, සමාජ සේවා නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන් හා ප්රදේශයේ ග්රාම
නිලධාරීන් ඇතුළු 100 ට අධික පිරිසක් සහභාගි වී සිටියහ.
සමාජ ආරක්ෂණ මණ්ඩලයේ මාතර දිස්ත්රික් කාර්යාලය වැඩසටහන සංවිධානය කරන ලදි.
No comments:
Post a Comment