Sunday, August 12, 2018

මාතර - වී මෙට්‍රික් ටොන් 750 ක් මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලයෙන් ප්‍රතිපාදන


මාතර දිස්ත්‍රික්කයේ වී අස්වනු නෙළීමෙන් පසු ගොවීන්ගෙන් වී මෙට්‍රික් ටොන් 750 ක් මිල දී ගැනීම සඳහා ප්‍රතිපාදන වෙන්කර ඇති බව වී අලෙවි මණ්ඩලයේ මාතර ප්‍රාදේශිය කළමනාකරු සුනිල් ඕබඩආරච්චි මහතා පැවසී ය.

ඒ අනුව තෙතමන ප්‍රතිශතය 14% ක් හා බොල් ප්‍රතිශතය 09% ක් වන තත්ත්වයන් යටතේ සම්බා වී කිලෝවක් රුපියල් 41 ක් හා නාඩු වී කිලෝවක් රුපියල් 38 ක් වශයෙන් වී මිල දී ගැනීමට නියමිත ය. 

මෙම තොරතුරු අනාවරණය වූයේ මාතර දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් විවිධ තීන්දු තීරණ ගන්නා 2018 අගෝස්තු මාසයට අදාළ මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම කම්ටු රැස්වීම මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගරයේ දී පැවැති අවස්ථාවේ දී ය.

පසුගිය කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී ගන්නා ලද තීන්දු තීරණ ක්‍රියාත්මක වීම පිළිබඳ ප්‍රගතිය, කෘෂිකර්මාන්තයට සම්බන්ධ ආයතනවල මාසික ප්‍රගතිය, ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුවලින් පැන නගින ගැටළු පිළිබඳව, දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව වෙත එවන ලද ලිපි පිළිබඳව, පසුගිය කන්නයේ හා ඉදිරි කන්නයේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳව මෙහි දී සාකච්ඡා කෙරිණි.

මේ අවස්ථාව සඳහා මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්)එන්.කේ.ආර්.පතිරණ මහතා, මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ අයි.ආර්.එන්.අබේදීර මහත්මිය, දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රා‍දේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් ප්‍රාදේශීය ලේකම් වරුන් ඇතුළු කෘෂිකර්මාන්තයට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්, පුද්ගලික අංශය සහ ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම අංශය රැස්වීම සංවිධානය කරන ලදි.


No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...