Thursday, August 16, 2018

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික්කයේ බැංකු ශාඛා 55 කින් රජයේ පොලී සහනාධාර සහිත ණය නිකුත් කෙරේ


ශ්‍රී ලාංකිකයන් සතු ව්‍යවසායක නිපුණතාව ප්‍රයෝජනයට ගනිමින් ව්‍යවසායක පාරාදීසයක් ලෙස මෙරට යළි ගොඩනැ‍ඟීම සඳහා 2018 අය-වැය තුළින් රජය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන හඳුන්වා දෙනු ලැබූ අතර එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික්කයේ බැංකු ශාඛා 55 කින් රජයේ පොලී සහනාධාර සහිත ණය ලබාදීම සිදුකෙරේ.
                     
ඒඅනුව මාතර දිස්ත්‍රික්කයේ මහජන බැංකු ශාඛා 14 ක්, ලංකා බැංකු ශාඛා 21 ක් හා ප්‍රාදේශිය සංවර්ධන බැංකු ශාඛා 20 ක් මේ වන විට මහජනතාව වෙත සහන ණය ප්‍රදානය සිදු කරයි.

රාජ්‍ය හා පෞද්ගලික බැංකු, විදේශීය මූල්‍ය සහයෝගිතා ආයතන හා අනෙකුත් සහභාගීත්ව ආයතන සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක මේ වැඩසටහන සඳහා අවශ්‍ය උපදෙස් මුදල් අමාත්‍යංශය විසින් අදාළ බැංකු වෙත ලබා දී ඇති අතර ඒ අනුව එම බැංකු විසින් අදාළ ණය පහසුකම් ලබාදීම මේ වන විට ආරම්භ කර තිබේ.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන රජයේ පොලී සහනාධාර සහිත ණය යෝජනා ක්‍රම 16කින් සමන්විත වේ. පොලී සහනාධාර ණය යෝජනා ක්‍රම යටතේ රන් අස්වැන්න ණය යෝජනා ක්‍රමය, ගොවි නවෝදා ණය යෝජනා ක්‍රමය, රිය ශක්ති ණය යෝජනා ක්‍රමය, රිවි බල සවි ණය යෝජනා ක්‍රමය, දිරි සවිය ණය යෝජනා ක්‍රමය, ජය ඉසුර ණය යෝජනා ක්‍රමය, සොඳුරු පියස ණය යෝජනා ක්‍රමය, මාධ්‍ය අරුණ ණය යෝජනා ක්‍රමය, ඇරඹුම ණය යෝජනා ක්‍රමය, හරිත ණය ණය යෝජනා ක්‍රමය හා මධ්‍යම ආදායම්ලාභී නිවාස ණය යෝජනා ක්‍රමය වශයෙන් ණය යෝජනා ක්‍රම 11 ක් ක්‍රියාත්මකවේ.

විදේශ ණය ආධාර මත ක්‍රියාත්මක වන ප්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රම යටතේ වහලය මත සවි කරන ලද සූර්ය බල ශක්ති උත්පාදන වැඩසටහන (ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සම්පාදනය කෙරේ), සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්‍රමය, පවිත්‍ර ගංගා ණය යෝජනා ක්‍රමය වශයෙන් ණය යෝජනා ක්‍රම 03 ක් ක්‍රියාත්මක ය.

මූල්‍ය හා මූල්‍ය නොවන පහසුකම් සැලසෙන වැඩසටහන් යටතේ ජාතික ණය සුරැකුම් ආයතනය හා කුඩා හා මධ්‍ය පරිමාණ ආයතන පිහිටුවීම සඳහා සහාය වීම වශයෙන් වැඩසටහන් දෙකක් ක්‍රියාවට නැංවේ.

මෙකී සහන ණය යෝජනා ක්‍රම සඳහා දීප ව්‍යාප්තව 2018 වසර තුළ පොලී සහනාධාර ගෙවීමට පමණක් රජය විසින් රුපියල් මිලියන 5, 250ක් වෙන්කර ඇති අතර, එම මුදල උපයෝගි කරගනිමින් මෙරට ආර්ථිකය තුළ රුපියල් මිලියන 60,000කට ආසන්න ප්‍රාග්ධනයක් සිදුකළ හැකි වෙතැයි අපේක්ෂා කෙරේ. එමෙන්ම මෙමගින් නව රැකියා අවස්ථා 50,000ක් පමණ ඇති කිරීමට ද අපේක්ෂිත ය.

Wednesday, August 15, 2018

2018 වර්ෂයේ සංවර්ධන කටයුතු සඳහා ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයෙන් මාතර දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 48 ක්


දුගී දුප්පත් ජනතාව එයින් මුදා ගනිමින් ඇති හැකි පිරිසක් බවට පත්කිරීමේ අරමුණින් ඇරඹි ග‍්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය මගින් 2018 වර්ෂයේ මාතර දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 48 ක මදල් ප්‍රතිපාදන වෙන්කර තිබේ.
රට දුගී භාවයෙන් නිදහස් කර ගැනීමේ රජයේ වැඩපිළිවෙළේ ප‍්‍රධාන ව්‍යාපෘතිය වන ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය මගින් මාතර දිස්ත්‍රික්කයේ එක් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකින් ග්‍රාම නිලධාරී වසම් 3 බැගින් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 16 හි  ග්‍රාම නිලධාරී වසම් 48 ක් පළමු අදියර යටතේ 2017 වර්ෂයේ දී රුපියල් මිලියන 12 ක් වැය කරමින් සංවර්ධනය කටයුතු සිදු කරන ලදි.

මාතර දිස්ත්‍රික්කයේ තෝරාගත් ග්‍රාම නිලධාරී වසම් සඳහා එක් ග්‍රාම නිලධාරී වසමකට රුපියල් මිලියනය බැගින් ග්‍රාම නිලධාරී වසම් 48 වෙනුවෙන් 2018 වර්ෂය සඳහා රුපියල් මිලියන 48 ක මුදල් ප්‍රතිපාදන වෙන්කර ඇත.

සංවර්ධන තීන්දු තීරණ ප‍්‍රජාව විසින් ගැනීමේ දී ප‍්‍රතිඵල පාදක කරගත් රාජ්‍ය මූල්‍ය ආයෝජන, ප‍්‍රජාවගේ ව්‍යවසායකත්වය වර්ධනය කිරීමේ දී ප‍්‍රාග්ධන පහසුකම් ලබාදීම, ජීවන මාර්ග දියුණු කරගැනීම, ග‍්‍රාමීය ව්‍යවසායකත්වය වැඩි දියුණු කිරීමට පෞද්ගලික අංශයේ සකී‍්‍රය සහභාගිත්වය ලබා ගැනීම මෙමගින් ලැබෙන ප‍්‍රතිලාභයන්ය. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අත්වැල් බැඳ ගැනීම තුළ දිළිඳුකම පිටුදැකීම සඳහා සංවර්ධන හා පර්යේෂණ පහසුකම් ලබාදීම, නව තාක්ෂණය හා නවෝත්පාදනය පිළිබඳ අදහස් පදනම් කර ගනිමින් ග‍්‍රාමීය කෘෂිකාර්මික ව්‍යවසායකත්වය වැඩි දියුණු කිරීම මෙමගින් සිදු කෙරේ. සමස්තයක් වශයෙන් ජනතාවගේ මූලික අවශ්‍යතා හා ගොඩනැගෙන අවශ්‍යතා පිරිමැසීම සඳහා ග‍්‍රාමනිලධාරි වසම් මට්ටමින් වැඩපිළිවෙළක් ගොඩනැගීම මේ හරහා සිදු වේ.

දේශීය කර්මාන්ත හා දේශිය ව්‍යවසායකයින් නැංවීම සහ රටේ ජනතාව දුගී භාවයෙන් නිදහස් කර ගැනීම සඳහා පුළුල් ජාතික වැඩසටහනක අවශ්‍යතාවය සපුරාලමින් ජනාධිපති කාර්යාලයේ ඍජු අධීක්ෂණය යටතේ ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය ආරම්භ කරන ලදි.

2017 – 2020 වසර හතරක කාලසීමාවක් තුළ ඉලක්කගත වැඩපිළිවෙලක් අනුව ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය ක්‍රියාවට නැංවේ. මේ යටතේ වර්ෂ 2020 වන විට ගම් 15,000 ජීවත්වන ජනතාවගේ මූලික අවශ්‍යතා සැපිරීමට කටයුතු කෙරේ.

වසර 2020 වන විට ග‍්‍රාමශක්ති වැඩසටහන යටතේ දිවයිනේ ප‍්‍රජා පාලිත ග්‍රාම නිලධාරී වසම් පන්දහසක් ඇති කිරීමට ද නියමිතය. ග‍්‍රාමසේවා වසමක ජනගහනය අනුව රු 8000 ක් සේ ගණන් බැලෙන ඒක පුද්ගල රාජ්‍ය ආයෝජනයක් ග‍්‍රාමීය සංවර්ධන අරමුදලක් ලෙස වසර 4 ක කාලයක් සඳහා ග‍්‍රාම නිලධාරී වසම් සඳහා ඝෘජුව ලබාදීම මේ යටතේ සිදු කෙරේ.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...