Sunday, October 1, 2023

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

 

මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට පත්වී නිවාස අර්ධ හානි 100 ක් හා වෙනත් දේපළ හානි 20 ක් වාර්තා වන බව මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති, නීතිඥ වයි.වික්‍රමසිරි මහතා පවසයි.

තද වැසි සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් අකුරැස්ස ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පරදුව දකුණ හා යාකබැද්ද ග්‍රාම නිලධාරී කොට්ඨාසවල පවුල් 166 ක පුද්ගලයින් 686 දෙනෙක් පීඩාවට පත්ව ඇති අතර නිවාස අර්ධ හානි 05 ක් හා වෙනත් දේපළ හානි 16 ක් වාර්තා වේ.

තද වැසි සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් තිහගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ වටගෙදර හා වැල්ලේතොට ග්‍රාම නිලධාරී කොට්ඨාසවල පවුල් 134 ක පුද්ගලයින් 500 දෙනෙක් පීඩාවට පත්ව ඇති අතර නිවාස අර්ධ හානි 32 ක් වාර්තා වේ.

තද වැසි සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් මාලිම්බඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මාලිම්බඩ දකුණ හා පහළ කියාඬුව ග්‍රාම නිලධාරී කොට්ඨාසවල පවුල් 34 ක පුද්ගලයින් 235 දෙනෙක් පීඩාවට පත්ව ඇති අතර නිවාස අර්ධ හානි 03 ක් වාර්තා වේ.

තද වැසි සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් දෙවිනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ තලල්ල දකුණ හා උඩ අපරැක්ක ග්‍රාම නිලධාරී කොට්ඨාසවල පවුල් 14 ක පුද්ගලයින් 52 දෙනෙක් පීඩාවට පත්ව ඇති අතර නිවාස අර්ධ හානි 03 ක් වාර්තා වේ.

තද වැසි සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් වැලිගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ගුරුබැබිල හා පොල්වත්ත ග්‍රාම නිලධාරී කොට්ඨාසවල පවුල් 16 ක පුද්ගලයින් 64 දෙනෙක් පීඩාවට පත්ව ඇති අතර නිවාස අර්ධ හානි 04 ක් වාර්තා වේ.

තද වැසි සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් කඹුරුපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කරගොඩ උයන්ගොඩ හා ගතාර උතුර ග්‍රාම නිලධාරී කොට්ඨාසවල පවුල් 212 ක පුද්ගලයින් 849 දෙනෙක් පීඩාවට පත්ව ඇති අතර නිවාස අර්ධ හානි 04 ක් වාර්තා වේ.

තද වැසි සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් අතුරලිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ වේනගම, හවුපේ හා ගොඩපිටිය ග්‍රාම නිලධාරී කොට්ඨාසවල පවුල් 143 ක පුද්ගලයින් 472 දෙනෙක් පීඩාවට පත්ව ඇති අතර නිවාස අර්ධ හානි 04 ක් වාර්තා වේ.

තද වැසි සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ හෙට්ටියාවල බටහිර ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ පවුල් 04 ක පුද්ගලයින් 13 දෙනෙක් පීඩාවට පත්ව ඇති අතර නිවාස අර්ධ හානි 04 ක් වාර්තා වේ.

තද වැසි සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පස්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පස්ගොඩ ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ පවුල් ‍07 ක පුද්ගලයින් 25 දෙනෙක් පීඩාවට පත්ව ඇති අතර නිවාස අර්ධ හානි 07 ක් වාර්තා වේ.

තද වැසි සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් හක්මණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ හක්මණ ග්‍රාම නිලධාරී කොට්ඨාසවල පවුල් 03 ක පුද්ගලයින් 08 දෙනෙක් පීඩාවට පත්ව ඇති අතර නිවාස අර්ධ හානි 03 ක් වාර්තා වේ.

තද වැසි සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් මාතර කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ වේරදුව හා ගොඩගම ග්‍රාම නිලධාරී කොට්ඨාසවල පවුල් 71 ක පුද්ගලයින් 271 දෙනෙක් පීඩාවට පත්ව ඇති අතර නිවාස අර්ධ හානි 10 ක් හා වෙනත් දේපළ හානි 03 ක් වාර්තා වේ.

තද වැසි සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පිටබැද්දර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කොටගල හා කළුබෝවිටියන ග්‍රාම නිලධාරී කොට්ඨාසවල පවුල් 05 ක පුද්ගලයින් 21 දෙනෙක් පීඩාවට පත්ව ඇති අතර නිවාස අර්ධ හානි 05 ක් වාර්තා වේ.

තද වැසි සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් මුලටියන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කුඩාපාන හා මාකඳුර බටහිර ග්‍රාම නිලධාරී කොට්ඨාසවල පවුල් 08 ක පුද්ගලයින් 34 දෙනෙක් පීඩාවට පත්ව ඇති අතර නිවාස අර්ධ හානි 07 ක් හා වෙනත් දේපළ හානි 01 ක් වාර්තා වේ.

තද වැසි සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් කොටපොල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කොටපොල උතුර හා කන්දිල්පාන ග්‍රාම නිලධාරී කොට්ඨාසවල පවුල් 06 ක පුද්ගලයින් 34 දෙනෙක් පීඩාවට පත්ව ඇති අතර නිවාස අර්ධ හානි 04 ක් වාර්තා වේ.

තද වැසි සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් දික්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ බඹරැන්ද උතුර ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ පවුල් 03 ක පුද්ගලයින් 09 දෙනෙක් පීඩාවට පත්ව ඇති අතර නිවාස අර්ධ හානි 03 ක් වාර්තා වේ.

තද වැසි සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් වැලිපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ දෙනිපිටිය හා වාහල කනංකේ ග්‍රාම නිලධාරී කොට්ඨාසවල පවුල් 02 ක පුද්ගලයින් 07 දෙනෙක් පීඩාවට පත්ව ඇති අතර නිවාස අර්ධ හානි 02 ක් වාර්තා වේ.

(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)

Saturday, September 30, 2023

මාතර දිස්ත්‍රික්කයේ ගංවතුරින් පීඩාවටපත් ජනතාව වෙනුවෙන් සහන සේවා ක්‍රියාත්මක කෙරේ

 

මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවටපත් ජනතාවට අවැසි අත්‍යාවශ්‍ය සේවා සැපයීම මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති, නීතිඥ වයි.වික්‍රමසිරි මහතාගේ උපදෙස් පරිදි මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ලුතිතන් කර්නල් ආරියවංශ රණවීර මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කෙරේ.

ඒ අනුව කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කරගොඩ, උයන්ගොඩ ග්‍රාම නිලධාරි කොටඨාසයේ ඇති වී තිබෙන ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට ජනතාව වෙනුවෙන් සෞඛ්‍ය අවශ්‍යතා ඉටුකිරීම සඳහා ආසන්නතම ප්‍රවේශ මාර්ග වෙත රෝගීන් ප්‍රවාහනය කිරීම සිදු කරන ලදි.

කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් නීතිඥ කුසලක නානායක්කාර මහතාගේ මැදිහත්වීම මත දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර මදුමාලී වෙල්ලප්පිලි මහත්මියගේ සම්බන්ධීකරණයෙන් අද (30) දිනය තුළ තවදුරටත් සිදු කෙරෙමින් පවතී.

මේ සඳහා ගාල්ල නාවික හමුදා කදවුරේ (දක්ෂිණ) බෝට්ටු ක්‍රියාකරුවන්ගේ සහාය ද හිමිවේ.

(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)

අකුරැස්ස - බෝලියද්ද මංසන්ධියේ සිට කොහුගොඩ, ඉහළ මලිදූව මාර්ගය පිවිසුමේ දිගිලි ඇල හරහා වැටී ඇති අබලන් පාළම වෙනුවට නව පාළමක් කඩිනමින් ඉදිකිරීමට පියවර......

 

බංගම - අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ බෝලියද්ද මංසන්ධියේ සිට ඉහළ මලිදූවට පිවිසෙන මාර්ගයේ දිගිලි ඇල හරහා වැටී ඇති අබලන් පාළම නිරීක්ෂණය සඳහා දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය විලියම් විජේසිංහ ගමගේ මහතා සහභාගි විය.

එහි දී නව පාළම ඉදිකිරීම පිළිබඳව පැන නැගී ඇති ගැටළු සම්බන්ධයෙන් ගම්වාසීන් සමඟ සුහද පිළිසඳරක නිරත වූ ආණ්ඩුකාර වරයා, පාලම ඉදිකිරීමට නියමිත ෆෝසයිඩ් පෞද්ගලික සමාගමේ හිමිකාරිත්වයට දුරකථනයෙන් කතා කොට හැකි ඉක්මනින් නව පාළමේ ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස දැනුම් දෙන ලදි.

පාලම ඉදිකිරීමට පැමිණෙන අයට නවාතැන් පහසුකම් ලබා දීමට මෙන්ම ඉදිකිරීම් උපකරණ රඳවා තැබීමට ස්ථානයක් සොයා දීමට අදාළ අංශ වලට උපදෙස් ලබා දෙන ලදි.

මෙම අවස්ථාවට පුවක්වත්ත විහාරස්ථානයේ ධම්මින්ද ස්වාමීන්වහන්සේ, ප්‍රදේශයේ ජනතා නියෝජිතයින්, දකුණු පළාත් ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන් මහතා, අකුරැස්ස සහකාර ප්‍රාදේශීය ලේකම් එස්.ජී අරවින්ද මහතා, පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මාර්ග හා පාලම්) අනුර ගුණවර්ධන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, පාලම ඉදිකරන නෙදර්ලන්ත ෆෝසයිඩ් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂක සමරසිංහ මහතා ප්‍රමුඛ එම ආයතනයේ නිලධාරීන්, ඉහළ මලිදූව ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...