Friday, October 8, 2021
Wednesday, September 22, 2021
Sunday, September 12, 2021
Saturday, September 11, 2021
වැලිගම, වැලිපිටිය හා දික්වැල්ල 20 – 30 අතර තරුණ තරුණියන් එන්නත්කරණය කෙරේ
මාතර දිස්ත්රික්කයේ වයස අවුරුදු 20 - 30 ත් අතර තරුණ තරුණියන් සඳහා ෆයිසර් කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීමේ වැඩසටහන යටතේ අද (11) දින පෙ.ව. 8.00 සිට සිට දික්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ දික්වැල්ල විජිත මහා විද්‍යාලය, වැලිගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කොටවිල ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානය හා වැලිගම සිද්ධාර්ථ මහා විද්‍යාලය සහ වැලිපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කොක්මාදූව මහා විද්‍යාලය යන ස්ථාන වල දී එන්නත්කරණ කටයුතු සිදු කරන ලදි.
මෙම එන්නත්කරණ වැඩසටහන ශ්රී ලංකා යුද හමුදාවේ වෛද්‍ය බලකායේ කණ්ඩායම් හතරක් විසින් සිදු කෙරේ.
හෙට (2021.09.12) දින පෙ.ව. 8.00 සිට කොටපොල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ දෙණියාය මහා විද්‍යාලය, පිටබැද්දර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ඩඩ්ලි සේනානායක විද්‍යාලය, මුලටියන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මාකඳුර ජාතික පාසල සහ දෙවිනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ දෙවිනුවර මහජන ක්‍රීඩාංගනය යන ස්ථාන වල දී එන්නත්කරණ කටයුතු සිදු කිරීමට නියමිත ය.
අනන්‍යතාවය තහවුරුකර ගැනීම සඳහා ජාතික හැඳුනුම්පතත් රැඟෙන අදාළ දින වල දී තමන් පදිංචි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් එන්නත්කරණ මධ්‍යස්ථානය වෙත පැමිණ කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගැනීම සිදු කළ යුතුය.
(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)
කොවිඩ් 19 ආසාදිත රෝගීන්ට ඖෂධ ලබාදීම සඳහා වූ මාතර දිස්ත්රික් අයුර්වේද මෙහෙයුම් කාර්යාලය විවෘත වෙයි
කොවිඩ් 19 වෛරසය ආසාදිතව නිවෙස් වල සිටින රෝගීන් සඳහා ආයුර්වේද ප්රතිකාර ලබාදීම වෙනුවෙන් ස්ථාපිත කරන ලද මාතර දිස්ත්රික් අයුර්වේද මෙහෙයුම් කාර්යාලය තෙලිජ්ජවිල පිහිටි මාලිම්බඩ ප්රාදේශීය සභා පුස්තකාල ගොඩනැගිල්ලේ දී පසුගියදා විවෘත කරන ලදි.
මෙම මධ්යස්ථානය මගින් මාතර දිස්ත්රික්කයේ නිවෙස් වල සිටින කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන්ට ප්රතිකාර ලබා දිමට අවශ්ය ආයුර්වේද ඖෂධ හා නිරෝධායනය වන පුද්ගලයින්ට අවශ්ය ප්රතිශක්තිකරණ ඖෂධ ප්රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සිටින ආයුර්වේද ප්රජා සෞඛ්ය වෛද්ය නිලධාරීන් හරහා විධිමත් ක්රමවේදයක් මගින් බේදාහැරිම සිදු කරනු ලබයි.
ඒ අනුව මාතර දිස්ත්රික්කයේ කොවිඩ් 19 වෛරසය ආසාදිත ජනතාවට මෙන්ම නිරෝධායනය වන පවුල් සඳහා ද අවශ්ය ආයුර්වේද ඖෂධ නිවසටම ගෙන්වා ගත හැකි අතර තමන්ගේ රෝගී තත්ත්වය අදාළ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ආයුර්වේද ප්රජා සෞඛ්ය වෛද්ය නිලධාරී වරයාට දුරකථන මාර්ගයෙන් දැනුම් දිම මගින් අවශ්ය ආයුර්වේද ඖෂධ නිවසට ගෙන්වා ගැනිමේ හැකියාව පවතී.
දකුණු පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව මෙම සත්කාර්යය ක්‍රියාවට නංවයි.
මේ අවස්ථාවට දකුණු පළාත් ආයුර්වේද කොමසාරිස් කරුණා හේවගේ මහත්මිය, මාලිම්බඩ ප්රාදේශීය ලේකම් රවීන්ද්ර ජයනාත් මහතා, මාලිම්බඩ ප්රාදේශීය සභාවේ සභාපති සෝමවීර වීරමන් මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති
මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...
-
මාතර දිස්ත්‍රික් ලේකම්/දිසාපති ප්‍රදීප් රත්නායක මාතර දිස්ත්රික්කයේ මහජනතාව වෙනුවෙන් මෙන්ම රටේ ම මහජනතාව වෙනුවෙන් කොන්දේසි විරහිතව අ...
-
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කරන ‘මතින් නිදහස් රටක්’ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට සමගාම...
-
2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ජෛව පද්ධති තාක්ෂණය විෂය ධාරාව යටතේ ඉදිරිපත් වී දිවයිනේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට මාතර දිස...