Monday, April 1, 2019

‘පෞර’ කෙටි චිත්‍රපට උළෙල පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් මැතිවරණ කොමිසමේ සභාපති වරයාගේ ප්‍රධානත්වයෙන් හෙට (02) මාතර දී

මැතිවරණ කොමිෂන් සභාව, කැලණිය විශ්ව විද්‍යාලය හා අධ්‍යාපන අමාත්‍යංශය එක්ව සංවිධානය කරනු ලබන ‘පෞර’ කෙටි චිත්‍රපට උළෙලට සමගාමීව පවත්වනු ලබන දැනුවත් කිරීමේ වැඩසටහනක් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (02) පෙ.ව.9.00 ට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
 
මේ අවස්ථාවට පාසල් සිසුන් ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිත ය.

මාතර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වැඩසටහන සංවිධානය කරයි.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...