Thursday, April 11, 2019
Monday, April 8, 2019
2019 - රුහුණු ව්‍යවසාය අලෙවි ප්‍රදර්ශනය නූපේ ඕලන්ද වෙළඳ මධ්‍යස්ථානයේ දී අද (08) විවෘත කෙරිණි
මාතර දිස්ත්‍රික්කයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ඇතුළත් 2019 - රුහුණු ව්‍යවසාය අලෙවි ප්‍රදර්ශනය
හා පොළ අප්‍රේල් 08,09 හා 10 දින වල පෙ.ව.8.00 සිට රාත්‍රී 9.00 දක්වා මාතර
- නූපේ ඕලන්ද වෙළඳ මධ්‍යස්ථානයේ
දී පැවැත්වෙන අතර මාතර අතිරේක
දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ.වැල්ලහේවා මහතාගේ සහ අතිරේක දිස්ත්‍රික් ලේකම්
(ඉඩම්) නිශාන් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) දින එහි සමාරම්භය සනිටුහන් විය.
මාතර දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා පුළුල් වෙළඳ පොළක් හඳුන්වා දීම, අපනයන විභවතාවයෙන් යුත්
කර්මාන්ත පුළුල් කිරීමෙන් අපනයන විවිධාංගීකරණයක් ඇති කිරීම හා දිර්ග කාලීන මිලදී ගන්නන් සම්බන්ධ කරදීම, අලෙවි අවස්ථාවන්
හඳුන්වා දීම හා පාරිභෝගික ජනතාව අතරට යාමේ දී තම නිෂ්පාදනයන්හි පවතින අඩුපාඩු හා
දුර්වලතා හඳුනාගෙන ගුණාත්මක හා ආකර්ශනීය නිෂ්පාදන ප්‍රවර්ධනයට අවස්ථාව සලසා දීම ආදිය
මෙම අලෙවි ප්‍රදර්ශනයේ ප්‍රධාන
අරමුණු වේ.
මෙහි මල් හා පැළ වර්ග, පාවහන් හා බෑග් නිෂ්පාදන, ඇගලුම් නිෂ්පාදන, ආහාර හා කුළුබඩු නිෂ්පාදන, විසිතුරු භාණ්ඩ නිෂ්පාදන හා
වෙනත් විවිධ නිෂ්පාදන ඇතුලත් ය.
මෙහි දී පැය දෙකකට වරක් සිදු කරන දිනුම් ඇදීමකින් පාරිභෝගිකයින් සඳහා වටිනා
ත්‍යාග ද පිරිනැමේ.
මාතර දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස නියෝජනය වන පරිදි ව්‍යවසායකයන්
මේ සඳහා සහභාගි වේ.
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අධ්යක්ෂ සුධීර ජයරත්න මහතාගේ මගපෙන්වීමෙන් හා
මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ අධීක්ෂණයෙන් රුහුණු ශක්ති ව්‍යවසායක
සංසදයේ සහයෝගයෙන් මාතර දිස්ත්‍රික්
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්යක්ෂ
සී.ඩබ්.මණ්ඩලවත්ත මහතාගේ උපදෙස් පරිදි මෙම අලෙවි ප්‍රදර්ශනය හා පොළ සංවිධානය කරන
ලද බව එහි සම්බන්ධීකාරක ටී.ඩී.ඒ.ගුණවර්ධන මෙනෙවිය සඳහන් කළා ය.
Thursday, April 4, 2019
2019 - රුහුණු ව්‍යවසාය අලෙවි ප්‍රදර්ශනය හා පොළ අප්‍රේල් 08,09,10 දින වල නූපේ ඕලන්ද වෙළඳ මධ්‍යස්ථානයේ දී
මාතර දිස්ත්‍රික්කයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ඇතුළත් 2019 - රුහුණු ව්‍යවසාය අලෙවි ප්‍රදර්ශනය හා පොළ අප්‍රේල් 08,09 හා 10 දින වල පෙ.ව.8.00 සිට රාත්‍රී 9.00 දක්වා මාතර - නූපේ ඕලන්ද වෙළඳ මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
මාතර දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා පුළුල් වෙළඳ පොළක් හඳුන්වා දීම, අපනයන විභවතාවයෙන් යුත්
කර්මාන්ත පුළුල් කිරීමෙන් අපනයන විවිධාංගීකරණයක් ඇති කිරීම හා දිර්ග කාලීන මිලදී ගන්නන් සම්බන්ධ කරදීම, අලෙවි අවස්ථාවන්
හඳුන්වා දීම හා පාරිභෝගික ජනතාව අතරට යාමේ දී තම නිෂ්පාදනයන්හි පවතින අඩුපාඩු හා
දුර්වලතා හඳුනාගෙන ගුණාත්මක හා ආකර්ශනීය නිෂ්පාදන ප්‍රවර්ධනයට අවස්ථාව සලසා දීම ආදිය
මෙම අලෙවි ප්‍රදර්ශනයේ ප්‍රධාන
අරමුණු වේ.
මෙහි මල් හා පැළ වර්ග, පාවහන් හා බෑග් නිෂ්පාදන, ඇගලුම් නිෂ්පාදන, ආහාර හා කුළුබඩු නිෂ්පාදන, විසිතුරු භාණ්ඩ නිෂ්පාදන හා
වෙනත් විවිධ නිෂ්පාදන ඇතුලත් ය.
මාතර දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස නියෝජනය වන පරිදි ව්‍යවසායකයන්
මේ සඳහා සහභාගි වීමට නියමිත ය.
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අධ්යක්ෂ සුධීර ජයරත්න මහතාගේ මගපෙන්වීමෙන් හා
මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ අධීක්ෂණයෙන් රුහුණු ශක්ති ව්‍යවසායක
සංසදයේ සහයෝගයෙන් මාතර දිස්ත්‍රික්
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මෙම අලෙවි ප්‍රදර්ශනය
හා පොළ සංවිධානය කරයි.
Subscribe to:
Posts (Atom)
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති
මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...
-
මාතර දිස්ත්‍රික් ලේකම්/දිසාපති ප්‍රදීප් රත්නායක මාතර දිස්ත්‍රික්කයේ මහජනතාව වෙනුවෙන් මෙන්ම රටේ ම මහජනතාව වෙනුවෙන් කොන්දේසි විරහිතව අ...
-
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කරන ‘මතින් නිදහස් රටක්’ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට සමගාම...
-
2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ජෛව පද්ධති තාක්ෂණය විෂය ධාරාව යටතේ ඉදිරිපත් වී දිවයිනේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට මාතර දිස...