Monday, November 26, 2018
Sunday, November 25, 2018
Sunday, November 18, 2018
ඉල් පුර පසළොස්වක පොහෝ දිනයට සමගාමීව ධර්ම දේශනාමය පිංකමක් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී
ශ්‍රී ලාංකේය සමාජයේ ජනී ජනයා ආගම දහමින් ඈත් වෙමින් තම
ආත්මාර්ථකාමී අරමුණු පසුපස හැල්මේ හඹා යන යුගයක මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
රාජ්‍ය නිලධාරීන්ගේ ධර්ම ඥානය පුබුදු කරවනු වස් සෑම පුර පසළොස්වක පොහෝ දිනයක් ම
නිමිති කර ගනිමින් මාසිකව පවත්වනු ලබන සද්ධර්ම දේශනා මාලාවේ නොවැම්බර් මස ධර්ම දේශනය
ඉල් පුර පසළොස්වක පොහෝ දිනය නිමිති කර ගනිමින් අපරැක්ක සේපාලිකාරාමාධිකාරී පූජ්‍ය කුඩාබැඳිවැව
සුමන හිමියන් විසින් අද (19) දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදි.
මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ සංකල්පයක්
අනුව මෙම ධර්ම දේශනා මාලාව පවත්වනු ලබන අතර පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට
අනුයුක්තව සේවයේ නියුතුව සිට හදිසියේ වියෝ වූ සුමුදු චාමින්ද දයාරත්න මහතාට
පිංපිණිස හා දිසාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට සෙත්පතා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සංඛ්‍යා ලේඛන
අංශය මගින් මෙවර ධර්ම දේශනාමය පිංකම සංවිධානය කරන ලදි.
මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ.වැල්ලෙහ්වා
මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) නිශාන් පතිරණ මහතා, සහකාර දිස්ත්‍රික් ලේකම්
නදී ජයවික්‍රම මෙනෙවිය ඇතුළු මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය රාජ්‍ය නිලධාරීන්
ධර්ම දේශනය ශ්‍රවණය කිරීම සඳහා එක් වී සිටියහ.
Friday, November 9, 2018
අතිගරු ජනාධිපතිතුමා විසින් විධායක බලතල භාවිතා කරමින් 2018.11.09 දින රාත්‍රී 12 සිට බලපවත්වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හරියි
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33
(2) ඇ වගන්තිය ප්‍රකාරව අතිගරු ජනාධිපතිතුමා වෙත පැවරී ඇති විධායක බලතල
භාවිතා කරමින් 2018.11.09 දින රාත්‍රී 12 සිට බලපවත්වන පරිදි පාර්ලිමේන්තුව
විසුරුවා හරියි. ඒ අනුව 2019 ජනවාරි 05 දින පාර්ලිමේන්තු මහ මැතිවරණය
පැවැත්වීමට නියමිත ය.
Wednesday, November 7, 2018
නිල් ගං තෙර සොඳුරු සුයාමය රසවින්දනාත්මක වැඩසටහන මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී
මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාවට නංවන ලද ‘නිල් ගං
තෙර සොඳුරු සුයාමය‘ රසවින්දනාත්මක වැඩසටහන් මාලාවේ දෙවන දිගහැරුම මාතර දිස්ත්‍රික්
ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී
ජයසේකර ශ්‍රවණාගායේ දී පැවැත්විණි.
ඒකාකාරී ජීවන රටාවකට
හුරුවී සිටින රාජ්‍ය නිලධාරියා රාජකාරි සීමාවෙන් ඔබ්බට ගෙන ගොස් චිත්ත සන්තානය
සුඛී සුවපත් භාවයට පත් කිරීම අරමුණු කර ගනිමින් මෙම රසවින්දනාත්මක වැඩසටහන් මාලාව සංවිධානය
කරන ලදි.
ගායන, වාදන, නර්තන හා නට්‍ය ඇතුළු අංග ප්‍රත්‍යංග රැසකින් සමන්විත විය. නවක උපාධිධාරී
අභ්‍යාසලාභීන් ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය රාජ්‍ය නිලධාරීන් මෙහි ඉදිරිපත් කිරීම් සිදු කළහ.
‘නිල් ගං තෙර සොඳුරු
සුයාමය‘ සඳහා මාතර දිස්ත්‍රික්
ලේකම් කාර්යාලීය නිලධාරීන් දායක වූ අතර සංගීත විශාරද නුරාන් ලියනගේ මහතා සංගීතයෙන්
ද, ඵලදායිතා ප්‍රවර්ධන නිලධාරී සංගීත විශාරද නිශාන්ත පෙරේරා මහතා කථනයෙන් ද දායක
වුහ.
මාතර අතිරේක දිස්ත්‍රික්
ලේකම් කසුන් එස්.කේ.වැල්ලහේවා මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) එන්.කේ.ආර්.පතිරණ මහතා ඇතුළු නිලධාරීන් 300 ට අධික පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී
සිටියහ.
මාතර දිස්ත්‍රික් ලේකම්
කාර්යාලය නිල් ගං තෙර සොඳුරු සුයාමය සංවිධානය කරන ලදි.
Subscribe to:
Posts (Atom)
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති
මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...
-
මාතර දිස්ත්‍රික් ලේකම්/දිසාපති ප්‍රදීප් රත්නායක මාතර දිස්ත්‍රික්කයේ මහජනතාව වෙනුවෙන් මෙන්ම රටේ ම මහජනතාව වෙනුවෙන් කොන්දේසි විරහිතව අ...
-
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කරන ‘මතින් නිදහස් රටක්’ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට සමගාම...
-
2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ජෛව පද්ධති තාක්ෂණය විෂය ධාරාව යටතේ ඉදිරිපත් වී දිවයිනේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට මාතර දිස...