Thursday, May 31, 2018

ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යංශයෙන් වැඩසටහන් රැසක් මාතර දී



ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා ගරු අමාත්‍ය මනෝ ගනේෂන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන් රැසක් පසුගියදා මාතර දී පැවැත්විණි.

ඒ අනුව දෙනියාය මධ්‍යමහා විද්‍යාලය කේන්ද්‍රකර ගනිමින් ජංගම සේවයක් ද, පාසල් දරු දැරියන් 300 දෙනෙකු සඳහා පාසල් උපකරණ හා නිළ ඇඳුම් ලබාදීමේ වැඩසටහනක් ද, මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී අමාත්‍යංශ නිලධාරීන් හා රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් අතර හමුවක් ද, ‘සාධුජන ගී රාව‘ රසවින්දනාත්මක සංගීත වැඩසටහනක් ද, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් සුභාරතී සංවාද මණ්ඩපය හා එකම රටක සැමට බලය පිළිබඳව සත්‍යේක්ෂණය වැඩසටහන ද පැවැත්විණි.

මීg අමතරව ජාතික සංහිඳියාව පාදක කර ගනිමින් මාතර බස් නැවතුම් පොළේ ස්ටිකර් ඇලවීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරන ලදි.

කොටපොල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පහසුකම් අවම ප්‍රජාව වෙනුවෙන් නීතිමය ලේඛන ලබා දීමේ ජංගම සේවයක් දෙණියාය මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්විණි.

මෙහි දී ජාතික හැඳුනුම්පත් හා උප්පැන්න සහතික, විවාහ හා මරණ සහතික මෙන්ම ජනතාවගේ අවශ්‍යතාව පරිදි උප්පැන්න සහතිකපත් පරිවර්තන සේවාවක් ද පැපයිණි. මෙම සියලු ම සේවාවන් නොමිලේ ලබා දෙන ලද අතර ජාතික හැඳුනුම්පත් සඳහා අවශ්‍ය ඡායාරූප හා මුද්දර ද නොමිලේ සැපයිණි.

මෙම අවස්ථාවන් සඳහා අදාළ රාජ්‍ය නිලධාරීන් හා ප්‍රජාව සහභාගි වී සිටියහ.






No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...