සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත් කරමින් පෙරපාසල් ගුරුවරුන්ට රුපියල් 2500 ක මාසික දීමනාවක් ලබාදීමේ රජයේ වැඩපිළිවෙලට සමගාමීව “2021 පෙරපාසල් ගුරු අභිමානී” වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික්කයේ පෙර පාසල් ගුරුභවන් 897 දෙනෙකු සඳහා රුපියල් 2,242,500 ක මුදලක් මාසිකව ලබාදෙන බව මාතර දිස්ත්‍රික් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී මහේෂ් ප්‍රීති කුමාර මහතා පවසයි.
ඔවුන්වෙනුවෙන් වාර්ෂිකව ලබාදෙන මුදල රුපියල් 26,910,000 කි.
ඒ අනුව මාසිකව මාතර කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පෙරපාසල් ගුරුභවතුන් 128 දෙනෙකු සඳහා රුපියල් 320,000 ක මුදලක් ද, දෙවිනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පෙරපාසල් ගුරුභවතුන් 47 දෙනෙකු සඳහා රුපියල් 117,500 ක මුදලක් ද, දික්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පෙරපාසල් ගුරුභවතුන් 70 දෙනෙකු සඳහා රුපියල් 175,000 ක මුදලක් ද, වැලිගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පෙරපාසල් ගුරුභවතුන් 106 දෙනෙකු සඳහා රුපියල් 265,000 ක මුදලක් ද, අකුරැස්ස ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පෙරපාසල් ගුරුභවතුන් 69 දෙනෙකු සඳහා රුපියල් 172,500 ක මුදලක් ද, වැලිපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පෙරපාසල් ගුරුභවතුන් 51 දෙනෙකු සඳහා රුපියල් 127,500 ක මුදලක් ද, අතුරලිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පෙරපාසල් ගුරුභවතුන් 33 දෙනෙකු සඳහා රුපියල් 82,500 ක මුදලක් ද, මාලිම්බඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පෙරපාසල් ගුරුභවතුන් 39 දෙනෙකු සඳහා රුපියල් 97,500 ක මුදලක් ද, තිහගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පෙරපාසල් ගුරුභවතුන් 34 දෙනෙකු සඳහා රුපියල් 85,000 ක මුදලක් ද, කඹුරුපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පෙරපාසල් ගුරුභවතුන් 39 දෙනෙකු සඳහා රුපියල් 97,500 ක මුදලක් ද, හකුමණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පෙරපාසල් ගුරුභවතුන් 30 දෙනෙකු සඳහා රුපියල් 75,000 ක මුදලක් ද, කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පෙරපාසල් ගුරුභවතුන් 22 දෙනෙකු සඳහා රුපියල් 55,000 ක මුදලක් ද, මුලටියන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පෙරපාසල් ගුරුභවතුන් 50 දෙනෙකු සඳහා රුපියල් 125,000 ක මුදලක් ද, පස්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පෙරපාසල් ගුරුභවතුන් 62 දෙනෙකු සඳහා රුපියල් 155,000 ක මුදලක් ද, පිටබැද්දර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පෙරපාසල් ගුරුභවතුන් 64 දෙනෙකු සඳහා රුපියල් 160,000 ක මුදලක් ද, කොටපොල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පෙරපාසල් ගුරුභවතුන් 53 දෙනෙකු සඳහා රුපියල් 132,500 ක මුදලක් ද වශයෙන් ගුරුභවන් 897 දෙනෙකු සඳහා රුපියල් 2,242,500 ක මුදලක් මාසිකව ලබාදෙයි.
පෙරපාසල් වැඩි දියුණු කිරීමේ රජයේ වැඩපිළිවෙල අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒ අනුව මෙතෙක් කලක් අවිධිමත්ව පැවති පෙර පාසල් පද්ධතිය විධිමත් කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමත්, සෑම දිස්ත්‍රික්කයක ම සෞභාග්‍යයේ පෙර පාසල් නමින් පෙර පාසල් පහක් ආරම්භ කිරීමත් සහ අඩු පහසුකම් සහිත පෙර පාසල් වල යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සඳහා මූල්‍යධාර ලබා දීමත් සිදු කෙරේ.
(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)
No comments:
Post a Comment