Tuesday, August 31, 2021

මාතර දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 70 ඉක්ම වූ අඩු ආදායම්ලාභි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රුපියල් මිලියන 498.84 ක්

 


මාතර දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 70 ඉක්ම වූ අඩු ආදායම්ලාභී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විසිදාස් හත්සිය අසූ පස් දෙනෙකු (20785) සඳහා රුපියල් දෙදහස (2000) බැගින් එක් ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු සඳහා වසරකට රුපියල් 24,000 ක මුදලක් රජය මගින් ලබාදෙයි. ඒ අනුව පසුගිය මාසයේ මාතර දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 70 ඉක්ම වූ අඩු ආදායම්ලාභී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා රුපියල් මිලියන 41.57 ක (41,570,000) මුදලක් ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය මගින් ලබා දී ඇති බව මාතර දිස්ත්‍රික් වැඩිහිටි ප්‍රවර්ධන සහකාර චමිලා සමරසිංහ මහත්මිය සඳහන් කරයි.

මාතර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසරකට ප්‍රදානය කෙරෙන මුදල රුපියල් මිලියන 498.84 (498,840,000) කි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඇය තවදුරටත් පැවසුවේ අකුරැස්ස ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් එක්දහස් දෙසිය පස්දෙනෙකු (1205) සඳහා රුපියල් විසිහතර ලක්ෂ දසදහසක් (2410,000) ද, දෙවිනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් එක්දහස් හයසිය දහසය දෙනෙකු (1616) සඳහා රුපියල් තිස් දෙලක්ෂ තිස් දෙදහසක් (3232,000) ද, දික්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් එක්දහස් එකසිය විසි පස් දෙනෙකු (1125) සඳහා රුපියල් විසි දෙලක්ෂ පනස් දහසක් (2250,000) ද, හක්මණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් නවසිය හැටදෙනෙකු (960) සඳහා රුපියල් දහනව ලක්ෂ විසිදහසක් (1920,000) ද, කඹුරුපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් නවසිය අනූතුන් දෙනෙකු (993) සඳහා රුපියල් දහනව ලක්ෂ අසූහය දහසක් (1986,000) ද, කොටපොල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් නවසිය පනස් දෙදෙනෙකු (952) සඳහා රුපියල් දහනව ලක්ෂ හාරදහසක් (1904,000) ද, මාලිම්බඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් එක්දහස් දෙසිය හතලිස් හතර දෙනෙකු (1244) සඳහා රුපියල් විසිහතර ලක්ෂ අසූඅට දහසක් (2488,000) ද, මාතර කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දෙදාස් හාරසිය හතලිස් පස් දෙනෙකු (2445) සඳහා රුපියල් හතලිස් අට ලක්ෂ අනූ දහසක් (4890,000) ද, මුලටියන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් එක්දහස් හයසිය හැත්ත දෙදෙනෙකු (1672) සඳහා රුපියල් තිස්තුන් ලක්ෂ හතලිස් හතර දහසක් (3344,000) ද, පස්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දෙදාස් තුන්සිය තිස්නව දෙනෙකු (2339) සඳහා රුපියල් හතලිස්හය ලක්ෂ හැත්තඅට දහසක් (4678,000) ද, පිටබැද්දර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අටසිය අනූහය දෙනෙකු (896) සඳහා රුපියල් දාහත්ලක්ෂ අනූ දෙදහසක් (1792,000) ද, තිහගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් එක්දහස් හැත්ත හතර දෙනෙකු (1074) සඳහා රුපියල් විසිඑක් ලක්ෂ හතලිස් අට දහසක් (2148,000) ද, වැලිගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් එක්දහස් තුන්සිය අනූහය දෙනෙකු (1396) සඳහා රුපියල් විසිහත් ලක්ෂ අනූ දෙදහසක් (2792,000) ද, වැලිපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් එක්දහස් තුන්දෙනෙකු (1003) සඳහා රුපියල් විසිලක්ෂ හය දහසක් (2006,000) ද,  අතුරලිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් එක්දහස් එකසිය පස් දෙනෙකු (1105) සඳහා රුපියල් විසි දෙලක්ෂ දස දහසක් (2210,000) ද හා කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හත්සිය හැට දෙනෙකු (760) සඳහා රුපියල් පහළොස් ලක්ෂ විසි දහසක් (1520,000) ද වශයෙන් මාතර දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විසිදාස් හත්සිය අසූ පස් දෙනෙකු (20785) සඳහා රුපියල් මිලියන 41.57 ක (41,570,000) මුදලක් මාසිකව ලබාදෙන බවයි.

(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)

2021.08.31 - ප.ව. 6.00 - මාතර කොවිඩ් 19 දෛනික තත්ත්ව වාර්තාව

Wednesday, August 18, 2021

2021.08.18 - ප.ව. 4.00 - මාතර කොවිඩ් 19 දෛනික තත්ත්ව වාර්තාව

මාතර - පෙරපාසල් ගුරුභවතුන්ට වසරකට රුපියල් මිලියන 26.9 ක් රජයෙන් ගෙවයි


සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත් කරමින් පෙරපාසල් ගුරුවරුන්ට රුපියල් 2500 ක මාසික දීමනාවක් ලබාදීමේ රජයේ වැඩපිළිවෙලට සමගාමීව “2021 පෙරපාසල් ගුරු අභිමානී” වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික්කයේ පෙර පාසල් ගුරුභවන් 897 දෙනෙකු සඳහා රුපියල් 2,242,500 ක මුදලක් මාසිකව ලබාදෙන බව මාතර දිස්ත්‍රික් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී මහේෂ් ප්‍රීති කුමාර මහතා පවසයි.

ඔවුන්වෙනුවෙන් වාර්ෂිකව ලබාදෙන මුදල රුපියල් 26,910,000 කි.

ඒ අනුව මාසිකව මාතර කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පෙරපාසල් ගුරුභවතුන් 128 දෙනෙකු සඳහා රුපියල් 320,000 ක මුදලක් ද, දෙවිනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පෙරපාසල් ගුරුභවතුන් 47 දෙනෙකු සඳහා රුපියල් 117,500 ක මුදලක් ද, දික්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පෙරපාසල් ගුරුභවතුන් 70 දෙනෙකු සඳහා රුපියල් 175,000 ක මුදලක් ද, වැලිගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පෙරපාසල් ගුරුභවතුන් 106 දෙනෙකු සඳහා රුපියල් 265,000 ක මුදලක් ද, අකුරැස්ස ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පෙරපාසල් ගුරුභවතුන් 69 දෙනෙකු සඳහා රුපියල් 172,500 ක මුදලක් ද, වැලිපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පෙරපාසල් ගුරුභවතුන් 51 දෙනෙකු සඳහා රුපියල් 127,500 ක මුදලක් ද, අතුරලිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පෙරපාසල් ගුරුභවතුන් 33 දෙනෙකු සඳහා රුපියල් 82,500 ක මුදලක් ද, මාලිම්බඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පෙරපාසල් ගුරුභවතුන් 39 දෙනෙකු සඳහා රුපියල් 97,500 ක මුදලක් ද, තිහගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පෙරපාසල් ගුරුභවතුන් 34 දෙනෙකු සඳහා රුපියල් 85,000 ක මුදලක් ද, කඹුරුපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පෙරපාසල් ගුරුභවතුන් 39 දෙනෙකු සඳහා රුපියල් 97,500 ක මුදලක් ද, හකුමණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පෙරපාසල් ගුරුභවතුන් 30 දෙනෙකු සඳහා රුපියල් 75,000 ක මුදලක් ද, කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පෙරපාසල් ගුරුභවතුන් 22 දෙනෙකු සඳහා රුපියල් 55,000 ක මුදලක් ද, මුලටියන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පෙරපාසල් ගුරුභවතුන් 50 දෙනෙකු සඳහා රුපියල් 125,000 ක මුදලක් ද, පස්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පෙරපාසල් ගුරුභවතුන් 62 දෙනෙකු සඳහා රුපියල් 155,000 ක මුදලක් ද, පිටබැද්දර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පෙරපාසල් ගුරුභවතුන් 64 දෙනෙකු සඳහා රුපියල් 160,000 ක මුදලක් ද, කොටපොල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පෙරපාසල් ගුරුභවතුන් 53 දෙනෙකු සඳහා රුපියල් 132,500 ක මුදලක් ද වශයෙන් ගුරුභවන් 897 දෙනෙකු සඳහා රුපියල් 2,242,500 ක මුදලක් මාසිකව ලබාදෙයි.

පෙරපාසල් වැඩි දියුණු කිරීමේ රජයේ වැඩපිළිවෙල අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒ අනුව මෙතෙක් කලක් අවිධිමත්ව පැවති පෙර පාසල් පද්ධතිය විධිමත් කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමත්, සෑම දිස්ත්‍රික්කයක ම සෞභාග්‍යයේ පෙර පාසල් නමින් පෙර පාසල් පහක් ආරම්භ කිරීමත් සහ අඩු පහසුකම් සහිත පෙර පාසල් වල යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සඳහා මූල්‍යධාර ලබා දීමත් සිදු කෙරේ.

(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...